ඒ ඉල්ලුම සපුරාලීම පිණිස ගිගාවොට් පැය 42.35ක් විදුලිය නිපදවා තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඊට ආසන්නම දෙවැනි විදුලි ඉල්ලුමක් වාර්තා වූයේ පසුගිය 5 වැනි දා වන අතර එය මෙගාවොට් 2393.4ක් වේ.
මේ සඳහා ප‍්‍රධානම හේතුව අධික උෂ්ණත්වය බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා විශේෂයෙන් රාත‍්‍රියේදි විදුලි එළියට වගේම විදුලි පංකාවටත් වායුසමනයටත් ඉල්ලුමක් තිබීම හේතුවෙන් මේ තරම් වැඩි වූ විදුලි ඉල්ලුමක් තිබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.
"2015 ජනවාරි විදුලි ඉල්ලූමට සාපේක්ෂව 2016 ජනවාරි මාසේ විදුලි ඉල්ලූම 9.91% කින් වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම 2015ට සාපේක්ෂව 2016 වසරේ පෙබරවාරි මාසෙදි 13.5% කින් වැඩිවෙලා තිබෙනවා. මාර්තු මාසෙදි 9.88 % වැඩිවීමක් වෙලා තිබෙනවා. අවරුදු ගානක ඉතිහාසයක් සමඟ සැසඳීමක් කරලා බැලුවම 2015 වසරේ මාස 03කට සාපේක්ෂව 2016 වසරේ එම මාස 03 තුළ විදුලි ඉල්ලුමේ ක්ෂණික වැඩිවීමක් සිදුවෙලා තිබෙනවා.
උෂ්ණත්වය පැත්තෙන් බැලුවොත් 2015 පෙබරවාරි මාසයට වඩා 2016 පෙබරවාරි මාසයේ අංශක 1 ක් වැඩිවෙලා තිබෙනවා. මාර්තු මාසයේදී 2015 වසරට වඩා 2016 වසරේදී අංශක දෙකක වැඩිවීමක් සිදුවෙලා තිබෙනවා. අපේ‍්‍රල් මාසයේදීත් 2015 වසරට වඩා 2016 වසරේදී අංශක දෙකක වැඩිවීමක් සිදුවෙලා තිබෙනවා.
තවත් පැත්තකින් බැලුවොත් වර්ෂාපතනය මීට සාපේක්ෂව අඩුවෙලා තිබෙනවා. 2015 වසරේ පෙබරවාරි මාසයට වඩා 2016 පෙබරවාරි මාසයේදී මිලිමීටර් 51ක් අඩු වෙලා තිබෙනවා. මාර්තු මාසයේදී 2015 ට වඩා 2016 වසරේදී මිලිමීටර් 233ක අඩුවීමක් සිදුවෙලා තිබෙනවා. ඒ වගේම 2015 අපේ‍්‍රල් වලට වඩා 2016 අපේ‍්‍රල් මාසයේදී මිලිමීටර් 171ක වර්ෂාපතනය අඩුවීමක් සිදුවෙලා තිබෙනවා. පොදුවේ මේ මාස 03 ගත්තොත් 2015 මේ මාස තුනේ මිලිමීටර් 692 ලැබිලා තිබෙනවා. 2016 ලැබිලා තිබෙන්නේ මිලිමීටර් 237ක්. ඒ අනුව මිලිමීටර් 455ක අඩුවීමක් එය ප‍්‍රතිශතයක් වශයෙන් 65%ක වර්ෂාපතනයේ අඩුවීමක්.
අපේ රටේ විදුලිය නිෂ්පාදනය කරන්නේ 50% ක් පමණ ජලයෙන්. ඒ සඳහා සෘජුවම බලපාන්නේ වර්ෂාපතනය. මේ වසරේදී මාස 03 ක් තුළදි 65%කින් වර්ෂාපතනය අඩුවීමෙන් උෂ්ණත්වය වැඩිවෙලා, විදුලි ඉල්ලූම 11 %ක ප‍්‍රමාණයකින් වැඩිවෙද්දි, අපි මේ රටේ ජනතාවට අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා වන විශාල අභියෝගාත්මක කාර්යයක නිරතවෙලා සිටිනවා" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.