අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යාපීඨවලට බඳවා ගැනීමේ අසාධාරණයක් සිදු වී නැහැ

    අප්‍රේල් 28, 2016

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට බඳවාගැනීමේ දී කිසිවෙකුට අසාධාරණයක් වී නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    2018 වසරේ මෙරට පාසල් පද්ධතිය තුළ නිර්මාණය වන ගුරු පුරප්පාඩු සංඛ්‍යාවට සරිලන සේ විද්‍යාපීඨ සඳහා සිසුන් බඳවාගැනීම සිදුවන අතර මෙවර මුල් අදියරේ දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදාළ පුරප්පාඩු සපුරාලීමට අවශ්‍ය පරිදි බඳවාගැනීම් සිදුකිරීමට පියවර ගත් බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් වෙනුවෙන් 2013 වසරේ උසස් පෙළ සමත් සිසු සිසුවියන් තෝරාගැනීමේ කටයුතු මේ වනවිට අවසන් වී තිබේ.

    දිස්ත්‍රික් මට්ටමින් බඳවාගැනීම් සිදුකිරීමෙන් අනතුරුව රාජකාරී සඳහා දුෂ්කර සහ අති දුෂ්කර ප්‍රදේශවල පිහිටි පාසල්වලට යොමු කෙරෙන ගුරුවරුන් මීට පෙර එම ප්‍රදේශවල පාසල්වල සේවයේ රැදී නොසිටීම හේතුවෙන් ඇතිව ගුරු පුරප්පාඩු සඳහා මෙම පියවර ගෙන ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

    කෙසේ හෝ නගරයේ පාසල්වලට ඔවුන් නැවත පැමිණීම හේතුවෙන් ගම්බද දුෂ්කර පාසල්වල පවතින ගුරු හිඟය ‍කිසිසේත්  විසඳාලිය නොහැකි ගැටළුවක් බවට පත්ව තිබුණි. මේ තත්ත්වය මත එම ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීමේ දී ප්‍රායෝගික ගැටලු රැසක් මතුව තිබේ.

    එමෙන් ම මෙම විද්‍යාපීඨ හරහා පුහුණුව ලබාදීමෙන් අනතුරුව එම පුහුණුලාභීන්, ගුරුවරුන් ලෙස බඳවාගැනීමට රජය බැඳී සිටියි. එමෙන් ම ඔවුන් පුහුණු කිරීම සඳහා  විශාල මුදලක් වැය කෙරේ. මේ තත්ත්වය තුළ පුරප්පාඩු මත රැකියා ලබාදීම වෙනුවෙන්  විද්‍යාපීඨ සඳහා සිසුන් බඳවා ගැනීමේ නිසි ක්‍රමවේදයක අවශ්‍යතාව කලක සිට මතුව වී තිබුණු ප්‍රශ්නයක් ලෙස අමාත්‍යාංශය පෙන්වා දෙයි.  

    ඒ අනුව, මෙවර විද්‍යාපීඨ සඳහා සිසුන් බඳවාගැනීමේ දී  ඉහළ සුදුසුකම් ලැබූ සිසුන් ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තෝරාගැනීම අනුව   සිසුන් සංඛ්‍යාව 3,720ක් බඳවා ගැනීම සිදු වේ.

    මීට අමතරව, කුසලතා පදනම මත දිස්ත්‍රික්ක මට්ටමින් ද අවශ්‍ය පුරප්පාඩු අනුව සිසුන් 1,150ක් බඳවා ගැනීම සඳහා කටයුතු සිදු කර ඇත.

    ඒ අනුව, මෙවර විද්‍යාපීඨ සඳහා බඳවාගන්නා මුළු සිසුන් සංඛ්‍යාව 4,900කට ආසන්නයි. එය පසුගිය වර විද්‍යාපීඨ සඳහා බඳවාගත් සිසුන් 3, 500කට සාපේක්ෂව 1400ක වැඩිවීමකි. මේ හරහා කිසිදු අපේක්ෂකයෙකුට අසාධාරණයක් සිදු නොවන අතර, 2018 වසරේ දී ගුරුවරුන් විශ්‍රාමයාමෙන් මෙරට අධ්‍යාපන ‍ක්ෂේත්‍රය තුළ නිර්මාණය වන ගුරු පුරප්පාඩු සංඛ්‍යාව වඩාත් ඵලදායී ලෙස සම්පූර්ණ කිරීමට ද හැකියාව ලැබී ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya