අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර නවක ග්‍රාම නිලධාරීන් හා ආපදා සහන සේවා නිලධාරීන් දැනුම්වත් කෙරේ

    අප්‍රේල් 28, 2016
    මාතර දිස්ත්‍රික්කයේ ආපදා බහුල ග්‍රාම නිලධාරී වසම්වල නවක ග්‍රාම නිලධාරීන් හා ආපදා සහන සේවා නිලධාරීන් දුනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත් විණි.
    සුනාමි, ගංවතුර, නාය යෑම්, සුළි සුළං ආදී ස්වභාවික ආපදාවන් සහ ස්වභාව ධර්මයට ඔරොත්තු නොදෙන මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා ඇති වන ආපදා තත්ත්ව වලදි මහජනතාවගේ හැසිරිම හා සුදානම මෙන්ම  දක්වන ප්‍රතිචාර සඵලදායී ලෙස සම්බන්ධීකරණය කිරීමේ යාන්ත්‍රණය සුදුසු පරිදි හැඩගස්වා ගැනීම, පරීක්ෂාකිරීම, තීරණ ගැනීම, වගකීම හා හිඩැස් හඳුනා ගැනීම, සුදානම, වගකිම හා වගවීම පිළිබඳ මනා සම්බන්ධීකරණයක් තුළින් ආපදාවන් අවම කරගැනීමේ අරමුණින් මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන සංවිධානය කරන ලදි.
     
    මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් යූ.ඒ.ඒ.පී. උබේසිරිවර්ධන මහතා විසින් නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා සම්පත් දායකත්වය ලබාදුනි.
     
    සුනාමි, ගංවතුර, නියඟ, සුළිසුලං ආදී ස්වාභාවික ආපදා මෙන්ම කැරලි කෝලාහල, ගිණි තැබීම් හා යුද සටන් වැනි මිනිසා විසින් ඇති කරන ආපදා තත්ත්වයන් ආදියේ දී සිදුවන හානිය හැකිතාක් අවමකර ගැනීමට ජනතාව දැනුම්වත් කිරීමේ වැදගත්කම මෙහි දී අවධාරණය කෙරිණි.
     
    ප්‍රාථමික ස්වාභාවික ආපදාවකින් පසුව ගොඩනැගිලි කඩාවැටීම්, වේලි කැඩී බිඳී යාම, විදුලිය, දුරකථන, ජලය, ප්‍රවාහන ආදියට වන හානි ආදී ද්විතීක ආපදා ඇතිවිය හැකි බවත් ඒ හරහා පවුල් ඒකකයට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට, සංස්කෘතියට, පරිසරයට, ආර්ථිකයට හා ජනතාවගේ මෙන්ම රටේ පොදු දේපළ වලට සිදුවන දීර්ග කාලීන හා කෙටි කාලීන හානිය පිළිබඳව ද  දැනුම්වත් කෙරිණි. 
     
    මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya