අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ හිඟයක් නැහැ- සෞඛ්‍ය ඇමැති

    අප්‍රේල් 27, 2016

    දැනට දිවයිනේ රෝහල් තුළ ඖෂධ හිඟයක් නොමැති බවත්, එවැනි හිඟයක් තවත් පවතී නම් එය වංචනික ක‍්‍රියාවක් බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.


    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යරවයා මේ බව සඳහන් කළේය.


    ඒ මහතා ප්‍රකාශ කළේ ඖෂධ වර්ග 16ක හිඟයක් ඇතත් එම ඖෂධ අත්‍යාවශ්‍ය ඖෂධ නොවන බවයි.

     

    වාර්ෂිකව රෝහල්වලට ඖෂධ වර්ග 1200ක් පමණ අවශ්‍ය වන අතර තමා සෞඛ්‍ය අමාත්‍ය ධූරය බාරගන්නා විට ඖෂධ වර්ග 79 ක හිඟයක් තිබුණු බව ද පෙන්වා දුන්නේය.

     

    උපකරණ මිලදී ගැනීමේ දී තාක්ෂණික තක්සේරු ක්‍රියාවලියක් යටතේ එය සිදු කෙරෙන අතර බහු ජාතික සමාගම්වලට අනුව එය සිදු කළ නොහැකි බව ද අමාත්‍යරවයා මෙහිදී සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya