අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 2020ට උචිත අයුරින් සෞඛ්‍ය සේවක සංඛ්‍යාව නීර්ණය කිරීමට සුදානම් වෙයි

    අප්‍රේල් 27, 2016

    වසර 2020 ට උචිත අයුරින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවක සංඛ්‍යාව නීර්ණය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සුදානම් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන්  පසුගියදා පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දී මෙම තීරණයට එළැඹුනි.

     

    නිදහස් සෞඛ්‍ය සේවාව ක‍්‍රමවත්ව ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

     

    සේවක සංඛ්‍යාව නිර්ණය කිරීම සදහා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද පත් කෙරුනි. විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු සහ හෙද හෙදියන් කෙරෙහි මෙහිදී වැඩි අවධානය යොමු කරයි. සියලූම පළාත් සභා රෝහල්වල ද සේවක සංඛ්‍යාව මෙහිිදී නිර්ණය කළ යුතුය. වසර 2020ට උචිත අයුරින් සේවක සංඛ්‍යාව නිර්ණය කිරීමෙන් පසු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට යොමුකළ යුතුවෙයි. පලාත් සභා රෝහල්වල සේවක අවශ්‍යතා සකස්කර අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික‍්‍රම මහතාට ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේය.  

     

    නව රෝහල් ඉදිවීම සහ පවතින රෝහල් සංවර්ධනය කිරීෙමි දී අවශ්‍ය මානව සම්පත ගැටළුවකින් තොරව ලබාදීම අමාත්‍යාංශයේ වගකීමක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවැසීය. සියළුම සේවක සංඛ්‍යාව පරිගණක ගත කිරීමට ද මෙහිදී තීරණය විය. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල්වල දැනටමත් විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු සහ හෙද හෙදියන්ගේ පුරප්පාඩු ඇත. එම පුරප්පාඩු පිරවීම සදහා සේවක සේවිකාවන් ඉදිරියේ දී බදවා ගැනීමට ද නියමිතය.

     

    සෞඛ්‍ය සේවකයින් දිරි ගැන්වීම සදහා සම්මාන උළෙලක් ද මෙම වසරේ දී පැවැත්වීමට මෙහිදී තීරණය විය. එම සම්මාන උළෙල දීප ව්‍යාප්තව පැවැත්වීමට නියමිතය.

    මෙම සමුළුව සදහා නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya