අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන ජූනි මාසයේ වැදගත් පනත් රැසක් පාර්ලිමේන්තුවට

    අප්‍රේල් 26, 2016

    ලබන ජූනි මාසය වනවිට වඩාත් කාර්යක්ෂම, ආයෝජන සඳහා හිතකර, ගතික හා සුරක්ෂිත ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ඉවහල් වන වැදගත් පනත් රැසක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

    ස්වීඩන විදේශ ඇමතිනී මාර්ගෝ වෝල්ස්ට්‍රොම් මහත්මිය සමඟ පැවති ද්වීපාර්ශ්වීක සාකච්ඡාවෙන් පසු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ඒ මහතා ප්‍රකාශ කළේ ඒ අනුව ශ්‍රී ලංකාව සැබවින්ම ව්‍යාපාර සඳහා විවෘත වන බවයි.


    මෙරට ජනතාවට ප්‍රතිලාභ අත්කරදීම තහවුරු කිරීම සම්බන්ධයෙන් සාමූහිකව කටයුතු කිරීමට මෙම සාකච්ඡාවේ දෙරට අතර එකඟතාවයක් ඇති වූ බවත් සංවර්ධන සහය, ද්වීපාර්ශ්වික වෙළඳාම, සංචාරක කර්මාන්තය හා ආයෝජනය වැඩිදියුණු කිරීම යනාදී ක්ෂේත්‍රයන් ඔස්සේ දෙරටේ සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.


    විශේෂයෙන්ම, පසුගිය වසර පනහක කාලය තුල කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය ද ඇතුළුව ස්වීඩනය විසින් අප රටේ සංවර්ධන කාර්යයන් සඳහා ලබාදුන් අඛණ්ඩ සහයෝගය මෙහි ලා ස්තූතිපූර්වකව සිහිකළ අමාත්‍යවරයා ස්වීඩනයේ ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ යළි ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කළ බව ද සඳහන් කළේය.

    ශ්‍රී ලංකාව තුළ දැනටමත් ස්වීඩන ආයෝජන ව්‍යාපෘති 21ක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර  චීනය වැනි නැගී එන ආර්ථිකයන්ට අමතරව ඉන්දියාව හා පාකිස්ථානය සමඟ දැනට පවත්වා ගෙන යන නිදහස් වෙළඳ ගිවිසුම් වර්ධනය කර ගනිමින් ඉන්දියානු උප මහද්වීපයට ඇති වෙළදපොළ ප්‍රවේශය වැඩිදියුණු කර ගැනීමට මෙන්ම චීනය වැනි නැගී එන රටවල් සමගද නිදහස් වෙළද ගිවිසුම් ඇති කර ගැනීමට අප සාකච්ඡා කරමින් සිටින හෙයින් උප මහාද්වීපයට හා ඉන්දියානු සාගර සීමාවට ප්‍රවේශ විය හැකි දොරටුවක් ලෙස ශ්‍රී ලංකාව මෙම දූත පිරිසේ අවධානයට ලක් වෙනු ඇතැයි තමා විශ්වාස කර බව ද පෙන්වා දුන්නේය.


    ඒ මහතා ප්‍රකාශ කළේ නැගී එන වෙළෙඳපොළ වෙත ප්‍රවේශයට අමතරව, සංවර්ධිත වෙළඳපලවල් තුළ ද අපගේ ස්ථාවරය තහවුරු කරගැනීමට අපි කටයුතු කරමින් සිටින බවයි.

    එක්සත් ජනපද වෙළඳපල වෙත තවදුරටත් සහනදායී ප්‍රවේශය ලබාගැනීම වෙනුවෙන් වන සාකච්ඡා සඳහා වන වෙළඳ හා ආයෝජන රාමුව පිළිබඳ එකඟතා කමිටුවේ රැස්වීමකට සහභාගී වීම සඳහා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා මේ වනවිට වොෂින්ටනය බලා ගොස් සිටින බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා යුරෝපා කොමිසම විසින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ තහනම ද දැන් ඉවත් කර ඇති අතර නුදුරේදීම යුරෝපා වෙළඳපලට ‍සහනදායී ප්‍රවේශය ලබා ගැනීම සදහා වූ  GSP+ සහනයද නැවත ලබාගැනීමට හැකිවනු ඇතැයි ද වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya