මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන පක්ෂ නොවන කුඩා කණ්ඩායම්වල මැයි රැළි පිළිබඳව කතා කිරීම පළක් නොවේ-අමාත්‍ය වජිර අබේවර්ධන

    අප්‍රේල් 26, 2016

    දේශපාලන පක්ෂ නොවන කුඩා කණ්ඩායම්වල මැයි රැළි පිළිබඳව කතා කිරීම පළක් නොවන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ලේ දී පවසා තිබේ.

    අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ, එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය සංවිධානය කිරිමේ ගාල්ල දිස්ත‍්‍රික් සංවිධායකවරු හමුවකින් පසුව මාධ්‍ය නැගු පැනයකට පිළිතුරු ලබාදෙමිනි.


    ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල ස්වදේශ කටයුතු අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී පැවති මෙම හමුව සඳහා ගාල්ල දිස්ත‍්‍රික්කයේ සියලූම ආසන සංවිධායකවරු ඇතුළු පක්ෂ ක‍්‍රිියාකාරිහු  රැසක් එක්ව සිටියහ.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා;විශේෂයෙන්ම මෙවර පවත්වන මැයි රැළිය ඉතිහාසයේ  දැවැන්තම මැයි රැළිය ලෙස පැවැත්විමට සියලූ කටයුතු මේ වන විට සුදානම් කරමින් පවතිනවා. උදාහරණයකට ගාල්ල දිස්ත‍්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 10 න් 10,000 ක පමණ මහා ජනතාවක් මැයි රැළියට සම්බන්ධ කිරිමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපේ සංවිධායකවරු සියලූ දෙනාමත්, මමත් කිසිඳු බෙදීමකින් තොරව අග‍්‍රාමාත්‍ය රනිල්  වික‍්‍රමසිංහ මහතා නායකත්වය දෙන මෙම මැයි රැළියට සහභාගී වෙනවා.

    ඒ අනුව  සමස්ත ලංකාවෙන්ම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගි විමට නියමිතයි. ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය මේ රටේ විශාල දේශපාලන පක්ෂයක්. ඔවුන්ගේ  මැයි රැළිය සඳහා ගාල්ල නගරය තොර ගෙන තිබෙනවා. අපි කොළඹට යන නිසා ගාල්ල නගරයේ කිසි`දු බාධාවකින් තොරව සාර්තක මැයි රැළියක් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය ගාල්ලේදී පවත්වයි. එය  එම දේශපාලන පක්ෂයේ අයිතියක් යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya