අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික රෝහලේ හෙඳ හිඟය කඩිනමින් විසදීමට පියවර

    අප්‍රේල් 26, 2016

    ජාතික රෝහලේ පවතින හෙඳ හෙඳියන් 900ක හිඟය කඩිනමින් විසදීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගියදා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අතර එහිදී අමාත්‍යවරයා රුධිර කාන්දුකරණ ඒකකය, බාහිර රෝගී අංශය, ස්නායු ක්ෂති මධ්‍යස්ථානය, වෛද්‍ය දැඩි සත්කාර ඒකකය සහ නව දන්ත රෝහල නිරික්ෂණය කරන ලදි. රුධිර කාන්දුපෙරණ ඒකකය පුළුල් කිරීම පිළිබඳව මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.


    නව රුධිර කාන්දුපෙරණ යන්ත‍්‍ර රෝහලට ලබාදීමට ද මෙහිදී තීන්දු කෙරිණි. ඇතැම් වකුගඩු රෝගීන්ට සනීපාරක්ෂක කම්කරුවන් තාඩන පීඩන එල්ල කිරීම පිළිබඳ පැමිණිලි ලැබී ඇති බැවින් ඒ පිළිබඳ සොයා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දෙන ලදි.

     

    රුපියල් බිලියන 4.5 ක වියදමකින් ඉදිකළ නව අපස්මාර ඒකකය ද පරීක්ෂා කළ සෞඛ්‍ය  අමාත්‍යවරයා එහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස උපදෙස් ලබාදෙන ලදි. වකුගඩු රෝගීන් සදහා වාට්ටුවක් එම ගොඩනැගිල්ලෙන් ලබාගැනිම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. තව ද කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝගීන් සදහා වෙනම ඒකකයක් ස්ථාපිත කිරීම පිළිබඳව හා මානව සම්පත් ගැටළු පිළිබඳව ද සාකච්ඡා කෙරුණි.

     

    කොළඹ ජාතික රෝහලේ සියළුම විශේෂ ඒකක නිසි පරිදි ක‍්‍රීයාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා මානව සම්පත් ගැටළුව කඩිනමින් විසදීමට පොරොන්දු විය. තව ද කොළඹ ජාතික රෝහලට තවත් හෙඳ හෙඳියන් 900 ක් පමණ අවශ්‍ය බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දුන්නේය. එම හෙඳ හෙඳියන් ද කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

     

    ජාතික රෝහලේ බණ්ඩාරනායක වාට්ටු සංකීර්ණය අළුත්වැඩියා කිරීමට ද මෙහිදී තීරණය විය. රුපියල් මිලියන 700 ක වියදමින් මහල් 10 කින් යුත් කොළඹ දන්ත රෝහලේ ඉදිකිරීම් කටයුතු ද නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එය කඩිනමින් විවෘත කිරීමට ද තීරණය කරන ලදි.

     

    මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු වෛද්‍යවරු රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya