ඔක්තෝබර් 27, 2020
tami eng youtube  twitter facebook

    උණවටුන සහ කටුගොඩ යන දුම්රිය ස්ථාන අතර පාලම නවීකරණය වෙයි

    අප්‍රේල් 26, 2016

    උණවටුන සහ කටුගොඩ යන දුම්රිය ස්ථාන අතර පාලම නවීකරණය හේතුවෙන් මැයි 06 දින රාත්‍රී 10.00 සිට මැයි 09 දින අළුයම 3.00 දක්වා ගාල්ල හා මාතර දුම්රිය ස්ථාන අතර දුම් රිය ධාවනය නොවන බව ශ්‍රී ලංකා දුම් රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මේ හේතුව නිසා මරදාන සහ මහනුවර දුම්රිය ස්ථානයන්ගෙන් ගමන් ආරම්භ කරන මාතර දක්වා ධාවනය වන දුර ගමන් සේවා සලසන දුම්රිය ගාල්ල දුම් රිය ස්ථානයට පමණක් ධාවනය වේ.

     

    තවද මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ගාල්ල දුම් රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර ඇත. ඉහත සඳහන් දිනවල ගමන් ගන්නා මඟීන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව කනගාටුව පළකර සිටියි. එම දිනවල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ බස් රථ සේවයක් ද ගාල්ල- මතර අතර යෙදවීමට කටයුතු සංවිධානය කර ඇති බව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya