අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා හා ජයබහලු පර්යන්තයේ සේවක හමුවක්

    අප්‍රේල් 25, 2016
    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මහතා ජය බහලු පර්යන්තයේ සේවක මහතුන් හමුවීම ජය බහලු පාලන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. මෙහිදී සිය අලුත් අවුරුදු සුභ පැතුම් එක් කරමින් සභාපතිවරයා සුහද සාකච්ඡාවක නිරත විය. 
    එහිදී කොළඹ වරාය සතු අභියෝග, ජාත්‍යන්තර බහලු වරායයන් අතර කොළඹ ‍වරායට හිමි තැන හා හෙට දවසේ සමුද්‍රික ක්ෂේත්‍රය තුළ කොළඹ වරායේ සක්‍රීය දායකත්වය පිළිබඳව සේවකයන් දැනුවත් කෙරිණි.
     
    මෙහි දී අදහස් දැක් වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. වර්තමානය වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරිය අභියෝග රැසක් මධ්‍යයේ ඉදිරියට ගෙන යමින් තිබෙන බවයි.  එමෙන් ම කොළඹ වරායේ බහලු මෙහෙයුම් ක්‍රියාවලිය සක්‍රීය කිරීමට පියවර ගන්නා බවත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ගාල්ල, ත්‍රිකුණාමලේ, ඔලුවිල්, හම්බන්තොට, කන්කසන්තුරේ ප්‍රාදේශීය වරායයන්හි මෙහෙයුම් ධාරිතාව ඉහළ නංවාලමින් එම වරායයන් ද ආදායම් ලබන තත්වයට පත් කිරීමට අවශ්‍ය සැලසුම් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
     
    එමෙන්ම වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ හා තමන්ගේ ද වත්මන් කළමණාකාරිත්වයේ ද එකම අභිප්‍රාය වන්නේ වංචාවෙන් හා දූෂණයෙන් තොර ආයතනයක් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය පත්කොට එහි කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය ඉහළ නංවා වෙළඳ නාවික කේෂත්‍රයේ ඉහළ මට්ටමේ ආයතනයක් බවට පත් කිරීමයි. 
     
    එහිදී සියලුම සේවක මහත්ම මහත්මීන් මේ දක්වා දක්වන ලද සහයෝගය ඉතාමත් අගය කරන අතර ඉදිරියේදී ද මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා එම සහයෝගය අඛණ්ඩව ලබා දෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව වරාය සභාපතිවරයා පැවසීය.
     
    එමෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉදිරි උන්නතිය උදෙසා සේවක මහත්ම මහත්මීන් මෙන්ම තමා ප්‍රමුඛ වත්මන් කළමණාකාර්ත්වය ද අධිෂ්ඨානශීලීව හා සියලු අභියෝගයන්ට මුහුණදෙමින් ඇප කැප වී කටයුතු කරන බවද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
     
    මෙහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂ එච්.ඩී.ඒ.එස්. ප්‍රේමචන්ද්‍ර මහතා ද වරාය ක්ෂේත්‍රයේ අන්තර්ජාතික ප්‍රවනතා පිළිබඳව සේවක මහත්ම මහත්මින් දැනුවත් කරන ලදී.
     
    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සංජීව විජේරත්න, අධ්‍යක්ෂ (මෙහෙයුම්) ජයන්ත පෙරේරා, අධ්‍යක්ෂ (ආරක්ෂක) මේජර් ජෙනරාල් නිශ්ශංක විජේසිංහ, ප්‍රධාන කළමනාකරු (බහලු මෙහෙයුම්) (වැ.බ.) අයි.කේ. ඥානතිලක යන මහත්වරුන් ඇතුළු උසස් නිළධාරීන් හා විධායක නිලධාරීන් ද ජයබහලු පර්යන්තයේ සේවක මහත්ම මහත්මීන් රැසක් ද සහභාගි විය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya