අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය ජාත්‍යන්තරය දිනා ගැනීමට සාර්ථක ගමනක් ගොස් තිබෙනවා- අමාත්‍ය මහින්ද සමරසිංහ

    අප්‍රේල් 25, 2016
    මේ රජය ජාත්‍යන්තරය දිනා ගැනීමේ සාර්ථක ගමනක් ගොස් ඇති බවත් සියළුදෙනා සමඟ මිත්‍රත්වයෙන් ගනුදෙනු කරන බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
    ඒ මහතා මෙසේ පැවසුයේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
     
    එමෙන්ම උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමට හා පෙඩ්රල් ක්‍රමයක් ඇති කිරීමට උතුරු පළාත් සභාව ගෙන ඇති තීරණයට කිසිසේත් එකඟ නොවන බවත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමට කිසිදු සහයෝගයක් නොදෙන බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.   
     
    මෙහිදී අදහස් දැක්වු දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා මැයි දින රැළියට සහභාගි වීම සඳහා උතුරු නැගෙනහිර  හා වෙනත් දුර බැහැර පළාත් වලින්  ගාල්ලට පැමිණෙන ජනතාව සඳහා අවශ්‍ය සියළු පහසුකම් සලසා ඇති බව ද පැවසීය.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya