අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''නයිටා '' ආයතනයට නව සභාපතිවරයෙක් පත්වෙයි

    අප්‍රේල් 25, 2016

    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ (නයිටා) නව සභාපතිවරයා ලෙස ආචාර්ය ඒ.යූ. චානක අතුකෝරළ මහතා සිය ධූරයේ වැඩ භාර ගත් බව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය නිවේදනය කරයි.

    කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතුකෝරළ මහතා අභිනව නව ධූරයෙන් වැඩභාර ගැනීමට ප‍්‍රථම නයිටා ආයතනයේ උප සභාපති වරයා වශයෙන් කටයුතු කල අතර ජ්‍යෙෂ්ඨ වතු අධිකාරිවරයෙකු ලෙස ද මහනුවර දිස්ත‍්‍රික් වතු අධිකාරිවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු ලෙස ද කටයුතු කොට ඇත.

     

    අභිනවයෙන් ස්වකීය ධූරයේ වැඩ ආරම්භ කරමින් සභාපතිවරයා ප‍්‍රකාශ කර සිටියේ, තමන් නයිටා ආයතනයේ මෙතෙක් කල් කරගෙන ආ වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙන යන බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මහතාගේ මඟපෙන්වීම පරිදි නයිටා ආයතනය ජාතික සංවර්ධන කාර්යයේ දී දැයේ සංවර්ධනයට අවශ්‍ය පුහුණු නිපුණ ශිල්පීන් බිහිකරන ප‍්‍රමුඛ පෙලේ රාජ්‍ය ආයතනයක් බවට පත්කරන බවත් ඒ සඳහා ආධුනිකත්ව පුහුණු ක‍්‍රමය තවදුරටත් ගුණාත්මකව සංවර්ධනය කරන බවත්ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya