අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක මැලේරියා දිනය අදයි- ශ්‍රී ලංකාව මැලේරියාවෙන් නිදහස් රටක්- වෛද්‍ය පාලිත මහීපාල

    අප්‍රේල් 25, 2016

    ශ්‍රී ලංකාව අද වනවිට මැලෙරියා රෝගයෙන් තොර රටක් බවට පත් කිරීමට හැකියාව ලැබී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.


    අදට(25) යෙදී තිබෙන ලෝක මලේරියා දිනය වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව පැවසී ය.

     

    මැලේරියා රෝගය ඉතා පැරණි රෝගයක්.වසර 1935 දී පමණ 80,000ක් මැලේරියා වසංගතයෙන් මිය ගියා.ශ්‍රි ලංකාවට මැලෙරියා රෝගය වසංගතයක් ලෙස බලපෑවා. අද ශ්‍රී ලංකාව වසර 2012 සිට පිට පිටම මැලේරියා රෝගයෙන් තොර ශ්‍රී ලංකාවක් බවට පත් කිරීමට හැකිව තිබෙනවා. ඝර්ම කාලාපීය රටක් ලෙස ප්‍රථම රට විදියට ශ්‍රී ලංකාව පත්වී තිබෙනවා.

     

    ශ්‍රී ලංකාවේ වසර හතරක් තුළ කිසිදු මැලේරියා රෝගියෙක් වර්තා වී නෑ.ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට මැලේරියාවෙන් තොර රටක් ලෙස සහතිකයක් ලබාදීම සඳහා කටයුතු කරමින් සිටිනවා. සැප්තැම්බර් මාසය වනවිට එම සහතිකය ලැබේවී.

     

    විශේෂයෙන් මැලේරියාව බහුලව තිබෙන රටවල සිට පැමිණෙන අය පිළිබඳව වැඩි අවධනයක් යොමු කරනවා. එම රටවල සිට රෝගය පැමිණීමට ඉඩ තිබෙන නිසා.එම නිසා නිරන්තරයෙන් මැලෙරියා රෝගය පිළිබඳව සැකයෙන් සිටිය යුතුයි. පිටරට ගොස් පැමිණි අයට යම් කිසි ලෙසකින් උණ රෝගය වැළදුන හොත් මැලේරියා රෝගය දැයි පරික්ෂා කරගැනීම වැදගත්. එය ජනතාව ට තමන්ට මෙන් ම රටට කරගන්නා සේවයක්.මැලේරියාවෙන් තොර රටක් බවට ශ්‍රී ලංකාව සතුටට පත්වන අවස්ථාවකයි.

    අද ලෝක මලේරියා දිනය  එළඹී තිබෙන්නේ. ලෝකයේ රටවල් 96ක මැලේරියා රෝගය පවතිනවා. මැලේරියා රෝගය නිසා පුද්ගලයන් 4,35,000ක් මරණයට පත් වී තිබෙන බවද වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


    මේ අවස්ථාවට මලේරියා මර්දන ව්‍යාපරයේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්.ඩී.බී. හේරත්,මැලේරියා මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය රිසින්ත ප්‍රේමරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya