අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය කිතුල් කර්මාන්තය නැංවීමට පියවර රැසක්

    අප්‍රේල් 25, 2016
    ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය යටතේ පවතින කිතුල් සංවර්ධන ආයතනය මගින් දේශීය කිතුල් කර්මාන්තය නැංවීම සදහා අදියර කිහිපයක් යටතේ ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇත.
    වර්තමානය වන විට කිතුල් කර්මාන්තය ව්‍යාප්තව පවතින නුවර, බදුල්ල, රත්නපුර, කෑගල්ල,ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්ක තුළ වෙසෙන පාරම්පරික හා තරුණ ප්‍රජාව මෙම කර්මාන්තය සදහා උනන්දු කර වීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර ඒ සදහා මොවුන් හට කැස්පර් තාක්ෂණය හදුන්වා දීමටත්,නව තාක්ෂණය අනුව කිතුල් සම්බන්ධ නිෂ්පාදනයන් කිරීම සදහා අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම ලබා දෙමින් මෙම කර්මාන්තයට අවශ්‍ය මෙවලම් නොමිලේ ලබා දිමටත් කිතුල් සංවර්ධන ආයතනය බලාපොරොත්තු වේ.
     
    නියම ප්‍රමිතියෙන් යුත් කිතුල් පැණි හා හකුරු නිෂ්පාදනය කර දේශීය මෙන්ම විදේශිය වෙළදපොල සදහා මෙම නිෂ්පාදන යොමු කරලීමටත්, එමගින් පාරම්පරික කිතුල් කර්මාන්තයේ යෙදෙන ජනතාව සදහා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම මෙහි අරමුණ වන අතර මෙම ව්‍යාපෘතිය සදහා ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශය මෙම වසරේ රුපියල් මිලියන 30 ක් වෙන්කර ඇත.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya