අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්තු මස පාරිභෝගික මිල දර්ශකාංක වාර්තා කරයි

    අප්‍රේල් 24, 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2016 මාර්තු මස ජාතික පාරිභෝගික මිල දර්ශකය 110.0 ලෙස ගණනය කර ඇති අතර එහි මාර්තු මාසයේ දර්ශකය පෙබරවාරි මාස‍යේ දර්ශකය (110.8) හා  සංසන්දනය කල විට 0.8ක දර්ශකාංක අඩුවීමක් හා ප්‍රතිශතයක් ලෙස 0.72ක අඩුවීමක් වාර්තා කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මේ සඳහා ආහාර කාණ්ඩයේ වටිනාකමේ වෙනස 0.73% කින් අඩුවීම හා ආහාර නොවන කාණ්ඩයේ වටිනාකමේ වෙනස 0.07% කින් වැඩිවීම බලපා ඇත.

    පසුගිය පෙබරවාරි මාසය හා සසඳන විට ගිය  මාසය සඳහා ආහාර කාණ්ඩයේ වටිනාකමේ වෙනසෙහි 0.73%ක අඩුවීමක් දක්නට ඇත.

    මෙම අඩුවීම සඳහා එළවළු (0.47%), සහල් (0.39%), අමු මිරිස් (0.09%), පොල් (0.03%), රතු ළූණු (0.03%), කෙසෙල් (0.03%) සහ සියඹලා (0.02%) යන ආහාර ද්‍රව්‍යවල වටිනාකමේ වෙනසෙහි අඩුවීම ප්‍රධාන වශයෙන් බලපා ඇත.

    එසේ වුවත් ලොකු ළූණු (0.08%), වියළි හාල්මැස්සන් (0.03%), අළුත් මාළු (0.03%), පාන් (0.03%) සහ මිරිස් කුඩු (0.02%) යන ආහාර ද්‍රව්‍යවල වටිනාකමේ වෙනසෙහි වැඩිවීමක් වාර්තා වී ඇත.

    පසුගිය පෙබරවාරි මාසය හා සසඳන විට පසුගිය මාර්තු මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වටිනාකමේ වෙනසෙහි 0.07%ක වැඩිවීමක් දක්නට ඇත. මෙම ආහාර නොවන කාණ්ඩයේ වටිනාකමේ වෙනස වැඩිවීම සඳහා මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය කාණ්ඩයේ වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා ඇත.

    රෙදිපිළි හා පාවහන්, නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු, ආපනශාලා හා හෝටල් සහ විවිධ භාණ්ඩ හා සේවා යන කාණ්ඩවල ඉතා සුළු වෙනස්වීමක් වාර්තා වී ඇත. සෞඛ්‍ය, ප්‍රවාහන, සන්නිවේදන, විනෝදාත්මක හා සංස්කෘතික සහ අධ්‍යාපන කාණ්ඩවල වෙනස්වීමක් සිදුවී නොමැත.

    ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා පසුගිය මාර්තු මාසය සඳහා වාර්ෂික උද්ධමනය 2.2% ලෙස ගණනය කොට ඇති ‍බවත්, පසුගිය පෙබරවාරි මාසය සදහා එම අගය 1.7% ක් ලෙස වාර්තා වූ‍ බවත් වැඩිදුරටත් ප්‍රකාශ ක‍ළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya