නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු සායන මධ්‍යස්ථාන 6ක් ලබන මස විවෘත වෙයි

    අප්‍රේල් 24, 2016

    වකුගඩු රෝග නිවාරණය සඳහා වකුගඩු සායන මධ්‍යස්ථාන ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ දැනට ඉදිකර අවසන් කර ඇති මධ්‍යස්ථාන 06 ක් මැයි මාසයේ දී විවෘත කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    වැලිඔය, අරලගංවිල, පදවිය යන ප‍්‍රදේශවල එම මධ්‍යස්ථාන ඉදිකර ඇත.

    එසේම තවත් මධ්‍යස්ථාන 06 ක් වකුගඩු රෝගීන් බහුල ප‍්‍රදේශවල ඉදිකිරීමට නියමිතය.

    පොලොන්නරුවේ ඉදිකිරීමට යෝජිත නව වකුගඩු රෝහලේ සක්‍යතා අධ්‍යයනයක් චීන රජය විසින් මේ වනවිට සිදුකර ඇති අතර එම වාර්තාව ලැබුණු පසු ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

    පසුගිය දාඅමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී මෙම තීරණ ගත් බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

    හම්බන්තොට, අනුරාධපුරය, ත‍්‍රිකුණාමලය, යාපනය, හා මඩකළපුව යන රෝහල්වල වකුගඩු සායන වැඩිදියුණු කිරීමට ද නියමිත අතර  බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය ද සංවර්ධනය කිරීමට තීරණය  කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya