අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ නියාමන අධිකාරීයේ ජාතික උපදේශ කමිටුව කඩිනම් කිරීමට උපදෙස්

    අප්‍රේල් 24, 2016

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ජාතික උපදේශන කමිටුව කඩිනමින් පත් කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශිය  වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබා දී තිබෙන බව එම අමාත්‍යාංශය සඳහන්ක කරයි.


    ඒ මහතා පෙන්වා දුන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවා වසරක් ගත වී ඇතත් ජාතික උපදේශන කමිටුව පත්කර නොමැති බවයි. එබැවින් කඩිනමින් එම උපදේශණ කමිටුව පත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ජයකොඩි මහතාට නියෝග කර තිබෙන බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.


    අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා පැවති ආයතන ප‍්‍රධානීන්ගේ රැස්වීමේදී දී ඒ සඳහා අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා ලබා දුන් අතර, ජාතික උපදේශන කමිටුව මෙන්ම නියාමන අංශ ප‍්‍රධානීන් ද පත් කරන ලෙස දැනුම් දුන්නේය.

    වෛද්‍ය උපකරණ නියාමන අංශය, සායනික පරීක්ෂණ නියාමන අංශය, සීමාන්ත නියාමන අංශය, තොරතුරු අධ්‍යාපන හා පර්යේෂණ අංශය, ඖෂධ සුරක්ෂිතතා අංශය, ඔසුසල් නියාමන අංශය, අභියාචනා කමිටුව යන අංශ සඳහා ප‍්‍රධානීන් පත් කිරීමට ද ඒ මහතා උපදෙස් ලබා දී ඇත.

    ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමේ අරමුණු කඩිනමින් ඉටුකර දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දුන් අතර, ඉතා අඩු මිලකට ජනතාවට ඖෂධ මිලදී ගැනීමට අවස්ථාව උදා කළ යුතු බව පෙන්වා දුන්නේය. ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිළිබඳව ජනාධිපතිතුමාට සහ අග‍්‍රාමාත්‍යවරයාට ද පැමිණිලි ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.


    ඖෂධ සමාගම්වලට බලපෑම් නොකරන ලෙසට ද සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට දැනුම් දුන අතර මේ වනවිට ඖෂධ මිල සියයට 40 ක් වැඩිවී ඇති බව මාධ්‍ය මගින් අනාවරණය කර ඇති බැවින් ඊට ප‍්‍රතිචාර දැක්වීම සඳහා කඩිනමින් මිල යාන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. නව පනතට අනුව ජාතික විලවුන් හා රූපලාවන්‍ය පිළිබඳ අධිකාරිය සකස් කරන තුරු එහි බලතල ක‍්‍රියාත්මක කිරීමට ද ජාතික ඖෂධ නියාමන අධිකාරියට හැකියාවක් ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ‍පෙන්වා දුන්නේය.

    මහරගම පිළිකා රෝහලට ඖෂධ සපයන අසාදු ලේඛණ ගත සමාගමක් ඖෂධ ලබාදෙන බවට මාධ්‍ය පළ කළ වාර්තා වලට අනුව එම සමාගම තවදුරටත් අසාදු ලේඛණ ගත කරන ලෙසට ද උපදෙස් දුන්  අතර රෝහල්වලට අවශ්‍ය ඖෂධ 16 ක පමණ හිඟයක් ඇති බවත් ඒවා දේශීයව මිලදී ගන්නා බවත් අනාවරණ විය. දේශීය මිලදී ගැනීම් අවම කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දී ඇත.

    ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිළිබඳ ඉදිරියේ දී තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත අතර න්‍යාය ධර්මවලට යටත් ව ඖෂධ මිල අඩු කිරීමට නොහැකි බවත්,  ඖෂධ මිල අවම කිරීම සඳහා මිල යාන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කරමින් ජනතාවට සහන සැළසීම මෙම අධිකාරිය පිහිටුවීමේ ප‍්‍රධාන අරමුණ වන අතර දැනට රෝහල්වල කිසිදු ඖෂධ හිඟයක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya