අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් මෙරටට සහය දීමට එකඟ වෙයි

    අප්‍රේල් 24, 2016

    ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය  බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගියදා  හමුවිය.



    ශ්‍රී ලංකාවේ ආර්ථීකය නගා සිටුවීම සඳහා තමා සහ තම පක්ෂයට ලබා දිය හැකි සෑම සහායක්ම ලබා දීමට කටයුතු කරන බව  රනිල් ජයවර්ධන මහතා පැවසීය.

    එනම් තේ වල සිට දුම්රිය දක්වා ද රබර් වල සිට මහාමාර්ග දක්වා ද අවශ්‍ය සෑම අංශයකම මැදිහත්වීම් සිදු කිරීමට ද ජාත්‍යන්තරය තුළ ශ්‍රි ලංකාවේ නිපැයුම් හා නිෂ්පාදන වෙනුවෙන් වටිනාකමක් ලබා දීමේ දී අවශ්‍ය දායකත්වය ලබා දීමට ද කටයුතු කරන බව ද ඔහු  කියා සිටියේය.

    ශ්‍රී ලංකාවට සහාය දෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමේ සභාපතිවරයා වන රනිල් ජයවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ නුදුරු දිනක දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂාවෙන් සිටින බවයි.

    මෙම අවස්ථාවට බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා වෙළඳ සංගමයේ සභාපති ජයම්පති පෙරේරා මහතා ද සහභාගී වී සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya