අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන තනතුරු අහෝසි වෙයි

    අප්‍රේල් 22, 2016

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වැඩබලන තනතුරු වහාම අහෝසි කරන ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික‍්‍රම මහතාට උපදෙස් ලබා දුන් බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.


    අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන් සමඟ පසුගියදා පැවති රැස්වීමේදී ඒ මහතා මෙම උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව කිසියම් පරිපාලන තනතුරකට බඳවා ගැනීමේ දී ස්ථීර තනතුරුවලට පමණක් පත් කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දී තිබෙන අතර වෛද්‍ය ජ්‍යේෂ්ඨ ශ්‍රේණියේ තනතුරු 16 සඳහා බඳවා ගැනීමට ඉදිරියේ දී පුවත්පත් මගින් දැන්වීම් පළ කිරීමට ද තීරණය වී ඇත.

     

    මේ  වනවිට වැඩ බලමින් වසර ගණනාවක් තිබූ වෛද්‍ය කළමනාකරණ සේවයේ තනතුරු 79ක් ද ස්ථීර කර තිබෙන බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

     

    තව ද රාජ්‍ය කළමනාකරණ සේවය සංවෘත සේවයක් බවට පත් කිරීම සදහා ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ. ඒ සඳහා 2015.12.02 දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇති බවත් මෙම ගැසට් නිවේදනය නිකුත් නොකිරීම නිසා රජයේ රෝහල්වල සේවය කරන කළමනාකරණ සේවා නිලධාරීන්ට වැටුප්, අතිකාල දීමනා නොලැබුනු බවට වෘත්තීය සංගම් අමාත්‍යවරයාට පැමිණිලි කොට තිබු බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

     

    එමෙන්ම දිවයින පුරා පිහිටි සියලුම රෝහල්වල කාර්ය මණ්ඩලවල දත්ත වාර්තාවක් සකස් කරන ලෙස ද නිලධාරීන්ට දැනුම් දුන් අමාත්‍යවරයා වෛද්‍යවරුන්, හෙද හෙදියන් ද ඊට ඇතුළත් විය යුතු බව ද පෙන්වා දුන්නේය.  

     

    ඒ අනුව රෝහල්වලට අවශ්‍ය හෙද හෙදියන්ගේ සංඛ්‍යාව ද ඇතුළත් වාර්තාවක් සකස් කර ලබාදීමට නියමිත අතර ජයවර්ධනපුර හෙද පිඨය ආරම්භ කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya