මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරියා පත් කෙරේ

    අප්‍රේල් 22, 2016

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස වෛද්‍ය කමල් ජයසිංහ මහතා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් පත් කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

    එම අධිකාරියේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ක‍්‍රිෂාන්ත වීරසූරිය මහතා විදේශගතවීම හේතුවෙන් මෙම පත්කිරීම සිදු කර තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශයට නොදන්වා විදේශගතවීම හේතුවෙන් අධිකාරියේ කටයුතු අඩපණ නොවී පවත්වාගෙන යාම සඳහා නව පත් කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකර තිබෙන බව අමාත්‍යාංශය පෙන්වා දෙන අතර අධිකාරියේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට නොදන්වා විදේශගත වීම පිළිබද ඔහුගෙන් නිදහසට කරුණු විමසන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික‍්‍රම මහතාට උපදෙස් ලබා දුන් බව ද සඳහන් කරයි.


    වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස පත් කළ වෛද්‍ය කමල් ජයසිංහ මහතා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයුම්), අධ්‍යක්ෂ (රසායනාගාර සේවා) යන තනතුරුවල ද කටයුතු කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya