අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදු සංශෝධනයෙන් විදුලි හා ජල බිල වෙනස් නොවේ

    අප්‍රේල් 20, 2016

    ලබන 2 වැනි දා සිදු කෙරෙන බදු සංශෝධනයෙන් විදුලිබිල්පත්වල සහ ජල බිල්පත්වල සංශෝනයක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ  මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බ සඳහන් කළේය.

    දැනට පවති වැට් බදු ප්‍රතිශය 11% සිට 15% දක්වා ඉහළ දැමීමක් සිදු වන අතර එහිදී ජල හා විදුලි බදු 11% හි ම පවතින බව පෙන්වා දුන් ඒ මහතා සුබසාධාන ආර්ථිකයක් පවතින රටක ආදායම් ලබා ගැනීම සඳහා වක්‍ර බදු ක්‍රමයක් අනුගමනය කළ යුතු බව ද සඳහන් කළේය.

    නව බදු සංශෝධනය අනුව පුද්ගලික සෞඛ්‍ය සේවාව සඳහා එකතු කළ අගය මත බද්ද ඇතුළත් කර ඇති අතර මෙහිදී ඖෂධවල ගාස්තු කිසිදු ආකාරයකින් මිල වැඩි වීමක් සිදු නොවන බවත් පෞද්ගලික රෝහල්වල සේවා ගාස්තුව පමණක් වැඩි වන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya