මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආහාර පාලන විධිවිධාන වැඩි දියුණු කිරීමට නිර්දේශ ඇතුළත් වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත පිළිගන්වයි

    අප්‍රේල් 21, 2016

    ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක ආහාර පාලන විධිවිධාන තවත් වැඩි දියුණූ කිරීම සදහා වූ නිර්දේශ ඇතුළත් වාර්තාවක් ලෝක කෘෂිකර්ම සංවිධානයේ, ශ‍්‍රී ලංකා කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩි.බී.ටි විඡේරත්න මහතා විසින් විසින් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී  බාරදෙන ලදි.

    ඉන් පසු පැවැති විශේෂ සාකච්ඡාවේ දී   ශ‍්‍රී ලංකාවේ  කෘෂිකර්මාන්තය සදහා කෘෂි රසායන හා පොහොර භාවිතය, වී නිෂ්පාදනය, වකුගඩු රෝගය, වැනි කරුණූ පිළිබඳ දිර්ඝ ලෙස සාකච්ඡා කරන ලදි.


    මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ, ගොවි ජනතාව වකුගඩු රෝගයට මෙන්ම දියවැඩියා රෝගයට බහුල වශයෙන් ගොදුරු වී ඇති බවයි. ඊට හේතු වී ඇත්තේ සම්ප‍්‍රදායික කෘෂි කර්මාන්ත ක‍්‍රම වෙනුවට යන්ත‍්‍ර සුත‍්‍ර භාවිතයට හුරුවීම නිසා බවත්, ඒ පිළිබඳව ද සොයා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය සරත් අමුණුගම මහතා සහ ලෝක කෘෂිකර්ම සංවිධානයේ නියෝජිතයින් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya