මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ජගත් මිහිතල දිනය'' අප්‍රේල් 22

    අප්‍රේල් 21, 2016

    ජගත් මිහිතල දිනය(International Mother Earth Day) හෙට (22) දිනට යෙදී තිබේ.

    ලෝක පරිසර ආරක්ෂණය වෙනුවෙන් ජගත් ප්‍රජාව එකතු වී ගොඩනගාත් ජගත් මිහිතල දිනය සෑම  වසරකට අප්‍රේල් 22 දින සමරනු ලබන අතර ලෝකයේ දිනෙන් දින අභියෝගයට ලක් වන පරිසර ගැටළු කෙරේ ජගත් ප්‍රජාවගේ අවධානය යොමු කිරීම සිදු කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ''ජගත් මිහිතල දිනය'' නම් කර ඇත.

     

    මෙවර ජගත් මිහිතල දිනයේ තේමාව වන්නේ ''Trees for the Earth''යන්නයි. ගස්වැල් ගෝලීය පැවැත්මට සෘජු ලෙසම දායක වෙයි. ගස්වැල් ජීවයේ පැවැත්මට,කාලගුණ විපර්යාසවලට,හුස්ම ගන්නා වායුව පිරිසිදු කිරීමට හා හොඳ ජීවන පරිසරයක් ඇති කිරීමට මහෝපකාරී වෙයි. මිනිසාගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් ගෝලීය පරිසරයට එල්ලවන තර්ජන දිනෙන් දින වැඩි වන බව ලෝක පරිසර සංවිධාන මේ වනවිටත් අනතුරු අඟවා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya