අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉහළ පෙළේ බෞද්ධ නියෝජිත පිරිසක් පාකිස්ථානයේ සංචාරයක

    අප්‍රේල් 21, 2016

    ඉහළ පෙළේ බෞද්ධ භික්ෂූන් සහ කීර්තිමත් බෞද්ධ විද්වතුන් නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරැ ජයසූරිය මහාතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 18 සිට 25 දක්වා සංචාරය නිරතවීමට පාකිස්තානය  බලා පිටත්ව ගොස් තිබේ.

    නියෝජිත පිරිස 40 දෙනෙක් සමන්විතය.කෝට්ටේ ශ්‍රී කල්යාණි සමගිරි ධර්ම මහා සංඝ සභා සහ ධර්ම විජයලෝක මහා විහාරයේ, අතිපූජ්‍ය(ආචාර්ය) ඉත්තපාන ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ,අතිපූජ්‍ය තිරිකුනාමලේ ආනන්ද මහා නායක ස්වාමීන් වහන්සේ, නුවර අස්ගිරි පාර්ශවයේ විහාරයේ  නියෝජ්‍ය රෙජිස්ට්ර් නාරන්පනවේ ආනන්ද හිමියන්, මහනුවර මල්වතු පාර්ශවයේ අතිපූජ්‍ය. (ආචාර්ය) නියංගොඩ විජිත සිරි අනුනායක හිමි, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය. බානගල උපතිස්ස හිමි, රත්නපුර ප්‍රධාන භික්ෂූ පූජ්‍ය. විමලඥාන ස්වාමීන් වහන්සේ, ශ්‍රී දළදා මාළිගාවේ වැඩ බලන නිලමේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ දෙපාර්තමේන්තුව ප්‍රධානී ආචාර්ය පූජය මාගම්මන පඤ්ඤානන්ද හිමි, ශ්‍රී ලංකාවේ ජනාධිපති ජාතික අරමුදලේ සභාපති මහාචාර්ය නිමල් ද සිල්වා, ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය එම් ගනේසමූර්ති මහාතා, ශ්‍රී දළදා මාළිගාවේ  වැඩ බලන නිලමේ මානෙල් රවීන්ද්‍රනාත්, ප්‍රශාන්ත ගුණවර්ධන  මහාතා ශ්‍රී ලංකා මධ්‍යම සංස්කෘතික අරමුදල, ශ්‍රී ධර්මවිජයලෝක මහා විහාරයේ පූජ්‍ය චන්දව්මාල් හිමියන් සමන්විත බෞද්ධ දුත පිරිස පාකිස්තානයට සංචාරය  කරනු ඇත.

     

    බුද්ධ ශාසන,  අධිකරණ  අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉස්ලාමාබාද් නුවරේදී  හෙට මෙම නියෝජිත පිරිස සමග එක්වීමට නියමිතය. මෙම සංචාරය ශ්‍රී ලංකාවේ ජනතාවට පකිස්තානය පොහොසත් බෞද්ධ ගන්ධාර උරුමය හඳුන්වාදීම අරමුණවිය. වර්තමානයේ  තක්ෂිලා නගරය බෞද්ධ ගන්ධාර උරුමයේ අගනුවර වෙන අතර එහි සංස්කෘතික මධයස්ථානයක් ලෙස පත්ව තිබේ.

     

    බෞද්ධ ගන්ධාර උරුමය තුළ සේද මාවත කොටසක් වූ අතර විවිධ රටවල සිට බොහෝ බෞද්ධ වන්දනාකරුවන් මෙම ඓතිහාසික මාර්ගයේ විසින් මෙම උරුමය වැඳපුදා ගැනීමට පැමිණෙමින් සිටිති. මෙම දුත පිරිස  ලාහෝර් තක්ෂිලා හා පෙෂාවාර් කෞතුකාගාරයේ සංචාරය නිරතවමෙන් පසුව  මර්ධාන්, ටක්ට්-ඉ-බාහි සහ ස්වැට් යන
    ආගමික වශයෙන්   වැදගත් විවිධ  ඓතිහාසික ස්ථානවලට  පැමිණිමට නියමිතයි.

     

    මෙම සංචාරය තුළ දී, නියෝජිතයන්, පකිස්තානයේ ජනාධිපති, සෙනෙට් සභාපති, ජාතික සභාවේ කතානායක, ආගමික කටයුතු සඳහා පාකිස්තානයේ අමාත්‍ය, විදේශ
    කටයුතු පිළිබඳ විශේෂ අග්‍රාමාත්‍ය සහකාර, පන්ජාබ් සහ  සින්ද් ආණ්ඩුකාරවරැන් ඇතුලු ප්‍රධාන දේශපාලන නායකයන් හමුවීමට සුදානම් කර ඇත.

     

    පාකිස්තානයේ රැඳී සිටින කාලය තුළ දී  මෙම නියෝජිත පිරිස ලෝක් ව්ර්සා කෞතුකාගාරය, කෙහෙවරා ප්‍රෙදශය, කයිධ්-ඉ-අසාම් ස්මාරකය, ඉක්බාල් ස්මාරකය, අර්ෆා කරීම් තොරතුරු හා තාක්ෂණ  මධ්‍යස්ථානය සහ  පන්ජාබ් විශ්වවිධ්‍යාලයට පැමිණිමට නියමිතයි.  පකිස්ථානය පුරාණ කාලය සිට බෞද්ධ කලාව  හා සංස්කෘතියට  තොටිල්ලක් වී ඇත. ක්‍රි.පූ 6 වැනි සියවසේ සිට ක්‍රි.ව 5 වන සියවසේ කාලය තුළ ගන්ධාර ශිෂ්ටාචාරය පාකිස්තාන උතුරු-බටහිර කලාපයේ පිහිටන ලදි.ගන්ධාර  ශිෂ්ටාචාරයේ නැගෙනහිර හා බටහිර ප්‍රදේශය කිලෝ මීටර් 100 ක් පමණ  වන අතර  කිලෝමීටර් 70 ක් උතුරේ සිට දකුණ දක්වා පිහිටා ඇත.

     

    ගන්ධාර බුදුරජාණන් වහන්සේගේ    ප්‍රතිමාව  ගල්, ස්ටුක්කෝ, ලෝකඩ යන ද්‍රව්‍යවලින් කැටයමිකල ප්‍රථම කලා පාසලක් වන අතර මෙම ගන්ධාර කලාපය පුරා ස්ථූප හා ආරාම පිහිටා ඇත. ප්‍රධාන වශයෙන් මුස්ලිම් රටක් වුවද, පාකිස්තානය ලෝකයේ පොහොසත්ම බෞද්ධ උරුමය වන  ගන්ධාර කෞතුක භාණ්ඩ රටේ වයඹ කලාපයේ ආරක්ෂා කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya