දිවයිනේ බොහෝ පළාත්වල විශේෂයෙන් සවස 2.00 න් පසුව විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේදී ද වැසි ඇති විය හැක.
ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසි (මි.මි.75 ට වැඩි) ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.