අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙම වසරේ ඖෂධ හිඟයක් නැහැ- සෞඛ්‍ය ඇමැති

    අප්‍රේල් 18, 2016

    නව වසර තුළ දී ඖෂධ හිඟයකින් තොරව ලබා දෙන බවත්  නවීනතම වෛද්‍ය උපකරණ සේවාවට යොදවා ගනිමින් ශ‍්‍රී ලාංකීය ජනතාවට යහපත් ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ඇති කරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ඒ මහතා ප්‍රකාශ කළේ දිවයිනේ සියලුම රෝහල්වල රුධිර පරීක්‍ෂණ ඇතුළු කටයුතු රෝහල් තුළදී ම සිදු කිරීමටත් බලාපොරොත්තුවන බවයි.

    2016 වසර ආසියානු කලාපයේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ සුවිශේෂී වෙනස්කම් සිදු කරමින් කලාපය තුළ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීම සඳහා විදේශිකයින්ගේ ආකර්ෂණිය ස්ථානයක් බවට ශ‍්‍රී ලංකාව පත් කරන බව නව අවුරුදු උදාවෙන් පසුව රාජකාරී කටයුතු අද ආරම්භ කරමින් අමාත්‍යංශයේ දී පැවති උත්සවයකට සහභාගී වෙමින් ප‍්‍රකාශ කළේය.

    සෞඛ්‍ය සේවාව ජනතාවට ලබා දෙන සේවාවක් බැවින්  එය නිවැරදිව ලබා දීමෙන් විශාල පිනක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනා වෙත පැවරී ඇති බවත් බවත් එබැවින් එම රාජකාරිය දේවකාරියට එහා ගිය කටයුත්තක් සේ සලකා සිදුකළ යුතු බවත්  අමාත්‍යවරයා  මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම, අතිරේක ලේකම් (පාලන) එස්. ජනක ශ‍්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පී. ජී මහීපාල මහතා ඇතුළු කාර්යය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya