අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්තලට විකල්ප මාර්ග භාවිත කරන්න

    අප්‍රේල් 18, 2016

    වත්තල ප්‍රදේශයේ අද අලුයම 3.00ත් 3.30ත් අතර කාලයේ දී වත්තල පොලිස් වසමේ මාබෝල වැලිකඩමුල්ල ප්‍රදේශයේ කරන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීම හේතුවෙන් එම මාර්ගයේ ඇති වී තිබෙන රථවාහන තදබදයට විකල්ප මාර්ග යොදා ගන්නා ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

    මේ හේතුවෙන් සුළු රථවාහන තදබදයක් ඇති වී ඇති අතර එය අවම කිරීම සඳහා පහත සඳහන් ලෙස විකල්ප මාර්ග භාවිත කළ හැකිය.

    එනම් කොළඹ සිට වත්තල දෙසට ගමන් කරන රථ වාහන හැඳල හන්දියෙන් ඇලකන්ද දෙසට ගමන් කර කෙරවලපිටිය ප්‍රාදේශිය සභාව අසලින් දකුණට ඇති ගුණසේකර මාවත ඔස්සේ වත්තල මීගමුව මාර්ගයට පිවිසිය හැකිය.

    මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල වී නොමැති අතර අසල නිවසකට පමණක් හානි සිදු වී තිබෙන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya