අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    G7 සමුළුවට ආරාධනය සිහිනෙන්වත් අපේක්ෂා නොකළ දෙයක්- ඇමැති මහින්ද සමරසිංහ

    අප්‍රේල් 18, 2016

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට G7 සමුළුවට සහභාගිවීමට ආරාධනාවක් ලැබීම කිසිදු භේදයකින් තොරව සියලු දෙනාටම සතුටු විය හැකි, ආඩම්බර විය හැකි කරුණක් බවත් ඒ තුළින් ලෝකයේ බලවත් රාජ්‍ය නායකයින්ට මෙරට සංහිඳියාව ශක්තිමත් කරමින් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ පැහැදිලි කිරීමට අවස්ථාවක් ලැබී තිබෙන බවත් නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

    මෙම ආරාධනය සිහිනෙන්වත් අපේක්ෂා නොකළ  දෙයක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති වත්මන් තත්ත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අද (18) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රජය මෙවැනි සමුළුවක් පිළිබඳ කිසිදු අවස්ථාවක ඉල්ලීමක් සිදු නොකළ බවයි.

    පසුගිය වසර එකහමාරක් වැනි කාලයක් තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම රාජ්‍ය නායකයින් වෙන වෙනම හමු වී තිබෙන බවත් ලෝක බලවත් රාජ්‍ය නායකයින් 7 දෙනාම එකතැන සිටින අවස්ථාවක මෙරට ගමන්මඟ පිළිබඳ කරුණු ඉදිරිපත් කර මේ රට වෙනුවෙන් උපරීම ප්‍රයෝජන ලබා ගැනීමට අවස්ථාවක් ලැබී තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දීර්ඝ කාලීන අත්දැකීම් තුළින් අවස්ථානුකූලව රාජ්‍ය නායකයින් සමඟ සාකච්ඡා කර උපරීම ප්‍රයෝජන ලබා ගැනීමටත් ජයගත් අභියෝග පෙන්වා දෙමින් ඉදිරි අභියෝග ජය ගන්නා ආකාරය පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡා මෙහෙයවීමට කටයුතු කරන බවත් මීට පෙර ජනාධිපතිවරයා රාජ්‍ය නායකයින් හමු වූ අවස්ථාවන්වලදී එය පැහැදිලිව දක්නට ලැබුණු බවත් ඒ මහතා සඳහන් කළේය.

    මේ වන විට විට පසුගිය කාලයේ නොතිබුණු ජාත්‍යන්තර සම්බන්ධතාවක් ගොඩනැගී තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ ප්‍රශ්නය ඇති වූ අවස්ථාවේ සහය ලබා නොදුන් රටවල් පවා සහයෝගය ලබාදීමට ඉදිරිපත් වී තිබීම සුවිශේෂ ලක්ෂණයක් බව ද  පෙන්වා දුන්නේය.

    මේ සියලු දේ හරහා ආර්ථික ශක්තිමත් කිරීම ආරක්ෂා කිරීමට කටයුතු සිදු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya