අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය නගරයේ අද විශේෂ රථවාහන සැලැස්මක්

    අප්‍රේල් 17, 2016

    නුවරඑළිය නගරයේ වසන්ත සැණකෙළියට සමගාමීව ශ්‍රී ලංකා මොටර් රථ ධාවන සංගමය විසින් සංවිධානය කරනු ලබන මොටර් රථ ධාවන තරගය අද පෙරවරු 10.00ට නුවරඑළිය නගර මධ්‍යයේ පැවැත් වෙන බැවින් නුවරඑළියට නගරයට පැමිණෙන වාහන සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටි.

    ඒ අනුව අද පෙරවරු 8.00 සිට එම විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දක්වා සිටි.

    විකල්ප මාර්ග පහත සඳහන් පරිදි වේ.

    වැලිමඩ දෙස සිට පැමිණෙන වාහන මහගස්‍ තොට හන්දියෙන් දකුණට හැරී ඉහළ වැව පාර ඔස්සේ ආර්ථික මධ්‍යස්ථාන හන්දියෙන් දකුණට හැරී නුවර එළිය නගරයට ඇතුල් විය හැකිය.


    එසේම මහනුවර සිට පැමිණෙන වාහන පරණ කඩ වීදිය වින්සර් හන්දිය, ෆොරස්ටි හන්දියෙන් දකුණට හැරී ආර්ථික මධ්‍යස්ථාන හන්දියෙන් නුවරඑළිය නගරයට ඇතුල්විය හැකිය.

    හැටන් සිට පැමිණෙන බ්ලැක්පුල් හන්දියෙන් දකුණට හැරී ප්‍රදීප් මොටර්ස් හන්දියෙන් වමට හැරී මාගස්‍ තොට වතුයාය හරහා නුවරඑලිය නගරයට ඇතුල් විය හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya