ඔක්තෝබර් 24, 2020
tami eng youtube  twitter facebook

    දේශගුණික විපර්යාස ගැන පැරිස් ගිවිසුමට අත්සන් තැබීම 22 දා

    අප්‍රේල් 15, 2016

    දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන පැරිස් ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවයක් ලබන  22 වන දින නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සිදු කිරීමට නියමිතය.

    ඊට අමතරව ලෝක මත්ද්‍රව්‍ය අර්බුදය සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මහා සමුළුවද, තිරසර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කරගනු වස් ඉහළ මට්ටමේ තේමාත්මක විවාදය ද ඒ ආසන්න දිනයන්හිදී පැවැත්වේ.

    දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන පැරිස් ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තැබීම පිණිස හා ඒ හා සමගාමීව පැවැත්වෙන අනෙකුත් වැඩසටහන්වලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගි වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya