අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලිගාවත්ත වකුගඩු රෝහල සෞඛ්‍ය ඇමැතිගේ නිරීක්ෂණයට

    අප්‍රේල් 13, 2016

    මාලිගාවත්ත ජාතික වෘක්තෙවිද කාන්දුපෙරණ හා බද්ධ කිරීමේ ආයතනය සංවර්ධනය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා  එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    එහිදී වකුගඩු රෝගී වාට්ටු, රුධිර කාන්දු පෙරීෙමි ඒකකය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය සමඟ විශේෂ සාකචිඡාවක ඊයේ (12) නිරත විය.

     
    මෙම රෝහලේ දැනට රුධිර කාන්දු පෙරීමේ යන්ත‍්‍ර 18 ක් වන අතර, එම ප‍්‍රමාණය තවත් වැඩි කිරීමට මෙහිදී තීරණය කෙරිණි. ලබන ජුලි මාසය වන විට එම නව යන්ත‍්‍ර රෝහලට ලබාදීමට නියමිතය.

    මාලිගාවත්ත මැද කොළඹ දිසා රෝහලේ වාට්ටු සංකීර්ණ දෙකක එම යන්ත‍්‍ර සවිකර වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දු පෙරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

    රුධිර කාන්දු කිරීමේ කටයුතු පැය 24 පුරා ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර  රෝහලට අවශ්‍ය මුදල්, උපකරණ, මානව සම්පත් ඇතුළු අනෙකුත් අවශ්‍යතා ඇතුළත් වාර්තාවක් දෙසතියක් තුළ කඩිනමින් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා වෙත දැනුම් දුන්නේය.

     ලබන වසරේ හෙද විද්‍යාලවලින් පිටවන නවක හෙද හෙදියන් ද මෙම රෝහලට අනුයුක්ත කර රෝහලේ හෙද ගැටලුව විසඳීමට ද තීරණය කෙරිණි. තව ද රෝහලට නවක වෛද්‍යවරුන් 12 ක් ලබාදීමට ද මෙහිදී තීරණය කර ඇත.

    මෙම නිරීක්ෂණ චාරිකාෙවි දී සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහලේ නේවාසික රෝගීන්ගේ සුවදුක් ද විමසා බැලීය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය*වෛද්‍ය සරත් අමුණුගම මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ජීව විද්‍යා ඉංජිනේරු) එම්. ජයතිලක මහතා, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya