අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොග වෙළෙඳ මධ්‍යස්ථාන 4ක් විවෘත කිරීම ඉදිරියේදී

    අප්‍රේල් 13, 2016

    රාජ්‍ය අංශයේ තොග වෙළඳාමේ දැවැන්තයා වූ සමූපකාර තොග වෙළඳ සංස්ථාව වසර 13 කට පසුව නැවත සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ.

     වව්නියාව, නුවර වීදියේ පිහිටි එම සංස්ථාවේ උතුරු පළාත් තොග වෙළඳ මධ්‍යස්ථානයේදී එහි නිල මෙහෙයුම් පසුගියදා ආරම්භ වූ අතර මීළඟ ප්‍රාදේශීය තොග වෙළඳ මධ්‍යස්ථාන බදුල්ල, කුරුණෑගල, කොළඹ සහ මහනුවර විවෘත කිරීමට නියමිත බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    අවශ්‍ය වුවහොත් අත්‍යාවශ්‍ය හා පාරිභෝගික භාණ්ඩ ආනයනය කර මෙරට තොග වෙළෙඳපොළට නිදහස් කිරීමට වුවද සතොස සූදානමින් පසුවන බවත්, පාරිභෝගික අවශ්‍යතා මත ආහාර නිෂ්පාදනයේ නිරත රාජ්‍ය ආයතන හරහා සෘජුවම භාණ්ඩ මිළදී ගැනීමටද සූදානම් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    ඔහු ප්‍ර‍කාශ කළේ ආරම්භයක් ලෙස, වී අලෙවි මණ්ඩලය හරහා සහල් ද, සීනි සංස්ථාව හරහා සීනි ද, මන්තායි ලුණු සමාගමෙන් ලුණු හා මිල්කෝ සමාගමෙන් කිරි හා ආශ්‍රිත නිෂ්පාදනද මිළදී ගැනීමට කටයුතු කරන බවයි.

    සියලුම භාණ්ඩ හා සේවා පවතින අඩුම තොග මිළ මට්ටම යටතේ මිළදී ගන්නා බවත් ගුණාත්මක භාවයකින් අඩුවීමක් වාර්තා වුවහොත් අදාළ සැපයුම්කරුවන් වහාම ඉවත් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya