අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව වෙනුවෙන් උපරීම සේවයට සහතික වෙනවා - නි. ඇමැති මනූෂ නානායක්කාර

    අප්‍රේල් 13, 2016

    ජාතික ආණ්ඩුවක් සමඟ රට ඉදිරියට ගමන් කරමින් සිටින අවස්ථාවේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා තීන්දු තීරණ සමග තමන් සිටින බවත් තමන්ට ලැබුණ නියෝජ්‍ය අමාත්‍යධූරය හරහා ජනතාවට ලබාදිය හැකි උපරිම සේවය ඉටු කරන බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

     ඒ මහතා  නියෝජ්‍ය ඇමැති ධූරයේ වැඩ භාරගැනීම පසුගියදා අමාත්‍යාංශයේදී සිදු වූ අතර එහිදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

    රටක ඉදිරි ගමන වෙනුවෙන් දේශපාලන ක්ෂේත‍්‍රයට තමා පිවිසි බවත් දේශපාලනයට පිවිසියේ පක්ෂවල අර්බුද ඇති කිරීමට නොවන  බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     එහිදී ජනතාව සේවය වෙනුවෙන් කළ හැකි උපරිම සේවය කරන බවට වන සහතික වන බවත්  පක්ෂයේ නායකයා කවුරුන් වුවත් පක්ෂ නායකයා ගන්නා තීන්දු තීරණ සමඟ සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ලංකාවේ විදේශ රැකියා ක්ෂේත‍්‍රය ලංකාවට විදේශ විනිමය ගෙන එන ප‍්‍රධාන මාර්ගය බවට පත්වී තිබෙන බවත් අමාත්‍යාශයෙන් ජනතාවට විය යුතු සේවය උපරිමයෙන් ඉටු කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya