මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''විෂන් 2020 '' වැඩසටහනට අක්ෂි කාච 250 ක්

    අප්‍රේල් 14, 2016

    අක්ෂි කාච 250 ක් සහ ශල්‍ය කර්ම සදහා අවශ්‍ය කරන උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ''විෂන් 2020'' වැඩසටහන වෙත පරිත්‍යාග කිරීම පසුගියදා සිදුවිය.

     

    ඉලුක්කුඹුර ඩිස්ටිබියුටර්ස් පුද්ගලික සමාගම විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වෙත මෙම පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

     

    පරිත්‍යාගයේ වටිනාකම රුපියල් 6,10,000 කි. ඉදිරියේ දී  අක්ෂි කාච 300 ක පරිත්‍යාගයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද  පුද්ගලික සමාගම මෙහිදී සදහන් කරන ලදි. මෙම පරිත්‍යාගයන් දිවයිනේ අඩු ආදායම්ලාභී පවුල්වල අක්ෂි ආබාධ වලින් පෙළෙන්නන් හට ලබාදීමට නියමිතය.

     

    ඉලුක්කුඹුර ඩිස්ටිබියුටර්ස් පුද්ගලික සමාගමේ සභාපති ජාලිය ඉලුක්කුඹුර මහතා, කළමණාකරණ අධ්‍යක්ෂ නෙරංජන් පෙරේරා මහතා, ව්‍යාපෘති ප‍්‍රවර්ධක රංජිත් ආටිගල මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විෂන් 2020 වැඩසටහනේ වෛද්‍ය අසේල අබේධීර මහතා සහ වෛද්‍ය අහමඩි ජෙසා මහතා ද මේ අවස්ථවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya