අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාව තුළ මැලිරියාව පැතිරීම සම්පුර්ණයෙන්ම නැවතිලා

    අප්‍රේල් 14, 2016

    සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් ගන්නා ලද පාලන ක‍්‍රියාමාර්ගවල සාර්ථකත්වය හේතු කොටගෙන ශ‍්‍රී ලංකාවේ වනවිට මැලේරියා රෝගය  පැතිරීම සම්පුර්ණයෙන්ම නතර වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


    ඒ අනුව 2012 ඔක්තෝබර් මාසයෙන් පසුව ශ‍්‍රී ලංකාෙවි දී මැලේරියාව වැළදුනු රෝගීන් කිසිවෙකු වාර්තා වී නැත.

     

    එසේ වුවද ශ‍්‍රී ලංකාව අවට රටවල් බොහෝමයක මෙන්ම ලෝකයේ විවිධ ප‍්‍රදේශවල මෙම රෝගය දරුණූ ලෙස පවතින බැවින්, එම ප‍්‍රදේශ වලදී රෝගය වැළදී මෙරටට පැමිණි රෝගීන් විටින් විට වාර්තාවෙයි.මේ අතර විදේශගතව සිට ලංකාවට පැමිණෙන ශ‍්‍රී ලාංකික රෝගීන් මෙන්ම මෙරටට පැමිණෙන විදේශකයින් ද සිටිති.

     

    දිවයින පුරා තිබෙන රජයේ සහ පෞද්ගලික රෝහල් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන දැනුවත් කර ඇති බැවින්, එවැනි රෝගීන් වාර්තා වූ වහාම ඔවුන් පිළිබඳ තොරතුරු මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප‍්‍රධාන කාර්යාලයේ සහ ප‍්‍රාදේශීය නිලධාරීන් වෙත දැනුම් දෙනු ලැබේ.

     

    එම රෝගීන් සම්පුර්ණයෙන් සුව වන තුරු රෝහල් සහ මැලේරියා මර්දන ව්‍යාපාරය සාමූහිකව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබේ.

     

    2016 වසරේ මේ කාලය වනවිට මැලේරියා රෝගීන් 16 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඔවුන් සියළු දෙනාටම සාර්ථකව ප‍්‍රතිකාර ලබාදී ඇත.මින්  රෝගීන් 04 දෙනෙකු විදේශිකයින් ය. අවසාන වශයෙන් වාර්තා වූ විදේශිකයා අපේ‍්‍රල් 03 දින නුවරඑළිය රෝහලින් වාර්තා වූ අතර, ඔහු නිසි ප‍්‍රතිකාර වලින් පසු අපේ‍්‍රල් 07 දින නැවත සිය රට බලා ගොස් ඇත.

    කිසියම් රෝගියෙකු හමු වූවොත් වහාම කඩිනම් ප‍්‍රතිකාර ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වෙත  උපදෙස් ලබා දී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya