අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවට සියලු අපේක්ෂා ඉටුවන සුබ නව වසරක් වේවා!

    අප්‍රේල් 14, 2016

    හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය සේ සැලකෙන සිංහල හ හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවට සියලු අපේක්ෂා ඉටුවන සුබ නව වසරක් වේවා යැයි ප්‍රාර්ථනා කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.


    නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

     

    ''සිංහල හා හින්දු අලුත් අවුරුදු උළෙල සමාජ් සංහිදියාව උදෙසා උපයෝගී කරගත හැකි උතුම් සංස්කෘතික උළෙලක් වශයෙන් මම සිතමි. විශේෂයෙන්ම හිරු දෙවියන් පිදීම අරමුණු කරගෙන නිපන් මෙම උත්සවය හිරුගේ ශක්තිය,බලය විදහාපාන උළෙලක් බව කිව යුතුය. සූර්ය වන්දනාව බොහෝ රටවල බොහෝ සංස්කෘතීන් හි ගැබ් වූ ලක්ෂණයකි. විශේෂයෙන් ම සිංහල ජනතාව මෙන්ම හින්දු ජනතාව තම භවබෝග සම්පත් වර්ධනය කරන්නා වූ ශක්තිය ලෙස හිරු දෙවියන් සළකති.

     

    අන් කවර කලෙකටත් වඩා සමාජ සංහිඳියාව පිළිබඳව කතා කරන සහ අවධානය යොමු කර තිබෙන මෙවන් වකවනුවක උදාවන නව අවුරුද්ද අපට ජාතික සමගිය පවත්වා ගැනීම කියා දෙන ඉතාමත් මහගු උත්සවයකි.  අප රටේ ජීවත්වන සිංහල  හා දෙමළ දෙජාතියම එකට එක්ව සමරන මෙම උත්සවය අපට ඉතා වැදගත් වන්නේ සමඟියෙන් කටයුතු කිරීමේ ඇති වැදගත්කම පිළිබිඹු කරන නිසාය.

     

    එම නිසා 2016 උදාවන නව වසර ශ්‍රී ලංකාවාසීන්ට ජයග්‍රහණ හිමිකර දෙන්නා වූ නව වසරක් වේවායි පතමි.

     

    මහින්ද අමරවීර,
    එ.ජ.නි.ස. මහලේකම් හ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya