අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික සමුළුවට සහභාගී වීමට මුදල් ඇමැති ඇමෙරිකාවට

    අප්‍රේල් 12, 2016

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික සමුළුවට සහභාගීවීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

    හෙට අලුයම (13දා) අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත  බව මුදල අමාත්‍යාංශය පවසයි. අප්‍රේල් 13 දින සිට 17 දින දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි පැවැත්වෙන, මෙම සමුළුවට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  නියෝජනය කරන, රටවල් 187 ක මුදල් අමාත්‍යවරු හා මූල්‍ය අංශ ප්‍රධානීහූ  සහභාගි වෙති.

    මෙම සමුළුව ශ්‍රී ලංකාවට ඉතා වැදගත් අවස්ථාවක් වන බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  

    ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන සැලසුම් සහ ඊට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලේ දායකත්වය පිළිබඳව මෙහිදී පුළුල්ව සාකච්ඡා කිරීමට නියමිතය. සමුළුවට සහභාගී වන මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ලොව ප්‍රධාන පෙළේ රටවල මුදල් අමාත්‍යවරුන් අතර සාකච්ඡා වට කිහිපයක්ද මෙහි දී පැවැත්වේ.

    එසේම G24 මුදල් අමාත්‍යවරුන්ගේ හමුවට ද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහභාගී වීමට නියමිත ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya