ගාල්ල දිස්ත්‍රික්කයේ 23 වන ලංකා බංකු ශාඛාව ලෙස විවෘත වන මෙම ශාඛාව මගින් නවීන බැංකුකරණය නාගොඩ ගනුදෙනුකාර භවතුන් වෙත සමීප කරවීය.
නාගොඩ ලංකා බැංකු ශාඛාව විවෘත කිරීමේ අවස්ථාව සඳහා අමාත්‍ය ගයන්ත කරුණාතිලක ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි, බන්දුල ලාල් බණ්ඩාරගොඩ, දකුණු පළාත් සභා මන්ත්‍රී සුනිල් සේනානායක, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා, ලංකා බැංකුවේ කළමනාකරු ඩී.එම්. ගුණසේකර, දකුණු පළාත් සහකාර කළමනාකරු ඩී.කේ. පියසෝම එවර් ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ සභාපති අනුර ඩී.සිල්වා යන මහත්වරු ඇතුළු ගනුදෙනුකාර භවතුන් විශාල පිරිසක් සහභාගී වූහ.