අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පදවිය,මඩු, නනද්දන් සහ නොච්චිකුලම් යන ප්‍රදේශ වලට හිරු මුදුන් වෙයි

    අප්‍රේල් 12, 2016

    දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී අද දින (12), දහවල් 12.11 ට පදවිය, මඩු, නනද්දන් සහ නොච්චිකුලම්  යන ප්‍රදේශ වලට හිරු මුදුන් වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


    දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත් වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන අතර අනෙකුත් පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවද  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (12) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි


    දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 14 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya