අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුෂ්කර පාසල්වලට වසර මැද නිල ඇඳුම්

    අප්‍රේල් 13, 2016

    දුෂ්කර, අතිදුෂ්කර සහ හුදකලා පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් වසර මැද දී අතිරේක නිල ඇඳුම් කට්ටලයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන  තිබේ.

    ඒ අනුව, දිවයිනේ පාසල් 4,471ක් ආවරණය කරමින් මෙම අතිරේක නිල ඇඳුම් ලබා දීමේ වැඩසටහන ක‍්‍රියාත්මක වන අතර  මේ සඳහා යොදාගැනීමට නියමිත රෙදි පැකට් ලක්ෂ 12ක් පමණ මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශ ගබඩාවල තැන්පත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    කලින් වසරවල දී සාම්පල පරීක්ෂාවෙන් අසමත් වූ රෙදි තොග නැවත අදාළ සැපයුම්කරුවන් වෙත ලබා දී ඒ වෙනුවෙන් ගිවිසුම් ප‍්‍රකාරව, තත්ත්වයෙන් උසස් නව රෙදි තොග ලබාගැනීමට පියවර ගත් බව පෙන්වා දුන් අමාත්‍යාංශය ඒ අනුව ප‍්‍රමිතියෙන් තොර රෙදි තොග අතුරින් සියයට අනූවක පමණ ප‍්‍රමාණයක් වෙනුවෙන් නිසි ප‍්‍රමිතියෙන් යුක්ත රෙදි තොග ලබා ගැනීමට අමාත්‍යාංශයට හැකි වූ බව ද සඳහන් කරයි.

    මෙම තත්ත්වය මත දුෂ්කර, අති දුෂ්කර සහ හුදකලා පාසල්වල දරුවන් අතිරේක නිල ඇඳුම් ලබාදීමේ දී, මෙවර තිළිණ පත් (වවුචර්)වෙනුවට ගබඩාවල ඇති රෙදි පැකට් දරුවන් වෙත ලබා දීමට පියවර ගෙන තිබෙන බවත් දෙවැනි පාසල් වාරය අවසන්වීමට පෙර, අදාළ අතිරේක නිල ඇඳුම් රෙදි  කට්ටල දරුවන් වෙත ලබාදීමට යි සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya