පසුගිය දා මට්ම්මක්කුලිය ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත.
අපි හැම දෙනා ම කතා කරනව සහජීවනය ගැන. මගේ අමාත්‍යාංශයේ එක පැත්තක් රාජ්‍ය භාෂා, අනිත් පැත්තෙ සහජීවනය. ඒ අවබෝධය ලබා ගන්න අපි කතා කරන්න ඕනෙ. සංවාද කරන්න ඕනෙ. කියන හැම දේම පිළිගන්න අවශ්‍ය නෑ. නමුත් අපි කියනකොට ඇහුන්කන් දෙනවා, හැරිල බලනව මොනව ද මේ කියන්නෙ කියල යැයි අමාත්‍යවරයා පැවසීය.