අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවංගත හිටපු අමාත්‍ය ගාමිණි අතුකෝරළ ජන්ම දිනය සිහිකරමින් ධර්ම දේශනයක්

    අප්‍රේල් 09, 2016

    දිවංගත හිටපු අමාත්‍ය ගාමිණි අතුකෝරළ මහතාගේ ජන්ම දිනය සිහිකරමින් පසුගිය අපේ‍්‍රල් 02 දින පැල්මඩුල්ල ගොඩගම ශ‍්‍රී රත්නසිංහාරාම විහාරස්ථානයේදී ධර්ම දේශනයක් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.

    මෙම ධර්ම දේශනය පවත්වනු ලැබුවේ විශිෂ්ඨ ධර්ම කථික, දෙහිවල ශ‍්‍රී දේවානන්ද ධර්මායතනයේ අතිපූජ්‍ය පණ්ඩිත නගරංගල සුමේධ හිමියන්ය.

    1951 අපේ‍්‍රල් 01 දින උපත ලැබූ ගාමිණි අතුකෝරළ මැතිතුමාගේ පියාවන්නේ ඉඩම්හිමි වැවිලිකරුවෙකු වන ඊ. සී. ජේ. අතුකෝරළ මහතාය. මව වන්නේ ලීලා අතුකෝරළ මහත්මියයි.

     

    1977 වර්ෂයේ මුල්ම වරට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ ගාමිණි අතුකෝරළ මහතා මැතිවරණයෙන් ජය ලබා ප‍්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ වී යෞවන කටයුතු හා රැකිරක්‍ෂා නියෝජ්‍ය අමාත්‍ය ධූරයට පත්විය.

     

    තරුණ නායකයෙකු වශයෙන් රත්නපුර දිස්ති‍්‍රක්කයේ දුක් විඳින ජනතාවගේ ගැටළු සඳහා විසඳුම් ලබාදීමට ඔහු නොපැකිලව ඉදිරිපත් විය. නැවතත් 1989 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් මනාප 53646 ලබා දිස්ති‍්‍රක්කයේ ප‍්‍රථමයා වෙමින් නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත්විය. අතුකෝරළ මැතිතුමා එම වර්ෂයේ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයට පත්විය. 1990 වර්ෂයේ ඉඩම්, වාරිමාර්ග මහවැලි සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරයට තේරී පත්වූ ගාමිනි අතුකෝරළ මැතිතුමා 1993 වනජීවී හා
    වාරිමාර්ග අමාත්‍ය ධූරයට පත්වූ ගාමිණි අතුකෝරළ මැතිතුමා 1993 වර්ෂයේ වනජීවී හා වාරිමාර්ග අමාත්‍ය ධූරයට පත්විය. 1994 වර්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් මනාප 82686ක් ලබාගනිමින් දිස්ති‍්‍රක්කයේ ප‍්‍රථමයා විය. ඒ මහතා එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් ධූරයට 1995 වසරේදී පත්විය.

     

    විපක්‍ෂයේ සිට එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණය කරා මෙහෙයවීමට , නැවතත් එක්සත් ජාතික පාක්‍ෂිකයින් එක්රොක් කර ගැනීමේ කාර්යය ඉටුකරන ගාමිණි අතුකෝරළයන් 2000 වර්ෂයේ පැවති මැතිවරණයෙන් මනාප 109102 හිමිකරගනිමින් නැවතත් රත්නපුර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රථමයා විය. එම වර්ෂයේම එක්සත් ජාතික පක්‍ෂයේ උපනායක ධූරයට පත් ගාමිණි අතුකෝරළ මහතා එ.ජා.ප.යේ ජයග‍්‍රහණය තහවුරු කරමින් 2001 වර්ෂයේ මනාප 140051 ලබමින් රත්නපුරයේ ප‍්‍රථමයා වෙමින් ජයග‍්‍රහණය කරන අතර එවර එ.ජා.ප ආණ්ඩුවක් බිහිකිරීමට සමත් වෙයි.

     

    2001 වසරේ ප‍්‍රවාහන, මහාමාර්ග, සිවිල් ගුවන්සේවා අමාත්‍ය ධූරයට පත්විය. රුවන්පුරයේ ඇත් රජු නමින් ජනතාවගේ හදවත් තුළ නොමැකෙන සටහනක් ඉතිරි කළ ගාමිණි අතුකෝරළ මහතා 2002.01.01 දින නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගත්තේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya