අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රසායනාගාර පරීක්ෂණවලට සාධාරණ මිලක් නියම කිරිමට සූදානමක්

    අප්‍රේල් 09, 2016

    පෞද්ගලික රෝහල්වල රසායනාගාර පරීක්ෂණ කිහිපයක් සදහා සාධාරණ මිලක් නියම කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය සුදානම් වී සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් පැවැත් වූ මාධ්‍ය සම්මන්ත‍්‍රණයේ දී  මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව සඳහන් කර තිබේ.

     

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත පෞද්ගලික රෝහල් නියාමනය කිරීමට තීරණය කර තිබෙනවා. එම රෝහල් පරීක්ෂා කිරීම සදහා ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයෙකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් විමර්ශණ කමිටුවක් ද සුදානම් කර තිබෙනවා. එම රෝහල්වල සිදු කරන රෝගී සත්කාරක සේවා නිවැරදි ආකාරයකට නියාමණය කර ගුණාත්මක සේවාවක් ඇති කිරීම මෙහි අරමුණයි.

     

    රසායනාගාර පරීක්ෂණ 33 ක් සදහා මේ වනවිට මිල නියම කර තිබෙනවා. තව ද පෞද්ගලික රෝහලක දී වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකු පරීක්ෂා කළ යුතු කාලය විනාඩි 10 ක් බව සෞඛ්‍ය  අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. රෝගීන් පරීක්ෂා කිරීම සදහා ලබාගන්නා මුදල ද නියම කර තිබෙනවා. තව ද පෞද්ගලික රෝහල්වල රසායනාගාර පරීක්ෂණ කිහිපයක් සදහා අධ්‍යයනයක් සිදුකර සාධාරණ මිලක් නියම කිරිමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය සුදානම් වෙනවා යැයි වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya