අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය වසන්ත සැණකෙළිය-විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක්

    අප්‍රේල් 09, 2016

    නුවරඑළිය වසන්ත සැණකෙළිය වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් සහ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.

    නුවරඑළිය වසන්ත සැණකෙළිය මේ වන විට ආරම්භ වි ඇති අතර මෙහි අසිරිය විද ගැනිම සදහා දෙස් විදෙස් සංචාරකයින් විශාල සංඛ්‍යාවක් නුවරඑළිය ප‍්‍රදේශයට පැමිණීම සිදුවෙයි ඒ හේතුවෙන් මහජනතාවගේ ආරක්‍ෂාව සදහා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක සැලැස්මක් හා රථවාහන පාලනය සම්බන්ධයෙන් සුවිශේෂි සැලැස්මක් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

    01-නුවරඑළිය” වැලිමඩ මාර්ගයේ ග්‍රෙගරි වැව ආශී‍්‍රතව වාහන නවතා තැබිම සිදු නොකරන අතර සංචාරකයින්ගේ වාහන වැව ආශි‍්‍රතව ස්ථාපිත කර ඇති වාහන නවතා තැබිමේ ස්ථානයක් යොමු කිරිමට කටයුතු කරනු ඇත.

     

    02- මෝටර් රථ ධාවන තරග, මෝටර් ක්‍රොස් ධාවන තරග, ගි‍්‍රල් ක‍්‍රයිම්, කදු නැගිමේ තරග සහ අශ්ව රේස් තරග පැවැත්වෙන දිනයන්හි විශේෂ රථවාහන සැලැස්මක් දියත් කිරිමට සුදානම් වන අතර මේ සදහා මහජනතාවගේ සහාය අවශ්‍ය වනු ඇත.

     

    03-මෙහිදි පරිසර දුෂණය අවම කිරිම සදහා කුණු කසළ දැමිම සදහා වෙන් කර ඇති ස්ථානයන්හි කුණූ කසළ දැමිය යුතු අතර එසේ නොකරන පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගරනිමට කටයුතු කරනු ඇත.

     

    තවද, මෙම වසන්ත සැනකෙළියේ පොලිස් දිනය වශයෙන් 18 වන දින වෙන්කර ඇති අතර මෙදින පෙරවරු 10.00 සිට පස්වරු 01.00 දක්වා කාලය තුළ නගර සභා  ''සිනිසිටා” කි‍්‍රඩංගණයේදී පොලිස් තූර්ය වාදන සංදර්ශනය පොලිස් නිල සුනඛ සංදර්ශනය, අශ්වාරෝහක සංදර්ශනය, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඉදිරිපත් කරනු ලබන විශේෂ සරඹ සංදර්ශනය සහ රථවාහන පොලිස් මූලස්ථානය මගින් පවත්වනු ලබන විශේෂ රථවාහන සංදර්ශනයක්ද පැවැත්විමට නියමිතව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya