අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතන වල ඡන්දය වෙන වෙනම පැවැත්වීමට හැකියාවක් නැහැ-අමාත්‍ය ෆයිසර් මුස්තාපා

    අප්‍රේල් 08, 2016
    පැපරල් සංවිධානය හා වෙනත් දේශපාලන පක්ෂ විසින් නිසියාකාරව සීමා නිර්ණය කර අවසන් පළාත්වල ජන්දය පවත්වන ලෙස ඉල්ලීමක් කර තිබුනද නෛතික ප්‍රශ්නයක් මතුවන බැවින් එය කළ නොහැකි බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.
    ඒ මහතා මෙම අදහස් පළ කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාවේදීය.
     
    සිමා නිර්ණ වාර්තාව වෙන් වෙන් වශයෙන් සැලකිය නොහැකි  බවත් එම සම්පුර්ණ වාර්තාව ගැසට් කළ පසු  වාර්තාවේ ගැටලු හා අඩුපාඩු අභියාචනා කමිටුව මගින් විමර්ශනය කිරිමෙන් අනතුරුව අඩු පාඩු රහිතව නැවත ගැසට් කළ යුතුයි යයි පැවසීය.
     
    අමාත්‍යවරයා තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ  මේ පිළිබදව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමු වී සාකච්ඡා  කළ බවත් එහිදී කොමසාරිස්වරයා සදහන් කර ඇත්තේ ජාතියකට ආගමකට ජන කොටසකට හානි නොවන ලෙස  සීමා නිර්ණ වාර්තාව සකස් කරන ලෙසත්ය. 
     
    මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දිනය සැමරිමේ උළෙල ගාල්ලේ දී පැවැත්වීමට  තිරණය කර ඇත . එදිනට පක්ෂයේ සියලුම දෙනාගේ  සහයෝගය බලාපොරොත්තු වන බවත් ඊට සහභාගී නොවන අය වෙනුවෙන් පක්ෂයේ විනය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා ද  පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ද තීරණය කළ බව පැවසීය. 
     
    මෙහි දී අදහස් දැක් වූ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය  මනුෂ  නානායක්කාර  මහතා සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට හා ඉදිරි ගමනට  සහාය දීමේ අරමුණින්  නියොජ්‍ය අමාත්‍ය ධුරය ලබා ගත් බවත් එදත් අදත් හෙටත්  ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය  සමග සිටින බවයි.  
     
    AP/CK
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya