මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැටලීම් 5600ක් - විමර්ශන නිලධාරීන් සිල්ලර වෙළදසැල් පරික්ෂාවට

    අප්‍රේල් 09, 2016

    අලුත් අවුරුදු උත්සව සමයේ දී තොග වෙළඳසැල් මෙන්ම සිල්ලර වෙළඳසැල් ද පරික්ෂා කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි අධ්‍යක්ෂ චන්ද්‍රා තිලකරත්න මහත්මිය පැවසුවාය.

    ආහරයට නුසුදුසු ආහාරද්‍රව්‍ය තොග වශයෙන් පසුගිය දිනවල සොයාගැනීමට හැකි වූ  බවත් උත්සව සමය තුළ විමර්ශන නිලධාරීන් සිල්ලර වෙළඳ සැල් ද පරීක්ෂා කරන බව පැවසී ය.ජංගම වෙළඳසැල්,සතිපොළ, විදුලි හා විද්‍යුත් උපකරණ, රෙදි පිළි පරික්ෂා කිරීමට නියමිතය.

    පසුගිය ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස තුන තුළ වැටලීම් 5600ක් සිදු කළ බවත් දඩ වශයෙන් රුපියල් මිලියන 26.9ක් ලබාගත් බවත් චන්ද්‍රා තිලකරත්න මහත්මිය පැවසුවය.

    මිල පිළිබඳව සිතා නුසුදුසු භාණ්ඩ මිලදී නොගන්නා ලෙසත් භාණ්ඩ මිලදී ගැනීමෙන් පසු රිසිට් පතක් ලබාගැනීම,පිළිගත් ආයතනය්කින් භාණ්ඩ මිලදී ගැනීම කළ යුතු බවත් ජංගම වෙලඳ සැල්වලින් භාණ්ඩ මිලදී ගැනීම නොකළ යුතු බවත් පැවසුවාය.

    අධ්‍යක්ෂ චන්ද්‍රා තිලකරත්න මහත්මිය මේ බව ප්‍රකාශ කළේ, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya