අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට

    අප්‍රේල් 09, 2016

    දිවයින පුරාම ක්‍රියාත්මක වන ලෙස අද(09)සිට බීමත්  රියදුරන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර  පොලිස් අධිකාරි, නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

    අලුත් අවුරුදු සමයේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව අනාවරණය කළේ ය.


    අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශාල ජනතාවක් නගරවලට පැමිණෙන අතර නගරවල හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් නිල ඇදුමින් සහ සිවිල් ලෙස රාජකාරීයේ යොදව ඇත.

     

    කොළඹ නගරයේ පමණක් නිලධාරීන් 500ක් රාජකාරීයේ යෝදව තිබෙන බව කී රුවන් ගුණසේකර මහතා,කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල රථවාහන හැසිරවීමට පොලිස් නිලධාරීන් 1200ක් යොදවා ඇති බව පැවසී ය.


    එමෙන්ම පාරිබෝගික ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවත් ජංගම මුර සංචාර, පා මුර සංචාර ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

    බීමත් රියදුරන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම අප්‍රේල් 20 දක්වා ක්‍රියාත්මක වෙයි. වසර 2015 දී බීමත් රියදුරන් දින 10 විශේෂ වැටලීම් කාලයේ දී 1980ක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් ඉන් යතුරු පැදි කරුවන් 1082ක් බවත් ත්‍රී රෝද රථ රියදුරන් 709ක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya