අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසාර ජීවනෝපාය මාර්ග නිර්මාණය “නිල් ආර්ථිකයේ ”බලාපොරොත්තුවයි - ධීවර රාජ්‍ය අමාත්‍ය

    අප්‍රේල් 10, 2016
    දස දහස් ගණනින් වු නිල් පැහැයේ වර්ණ සංකලන මෙන්ම මහා සාගරය තුල සැගවී ඇති සාගර සම්පත්ද අති විශාලය. කොළ ආර්ථිකය අමතක නොකර එය හා සමගාමීව නිල් ආර්ථිකය ක්‍රියාත්මක කිරීම සාගර සම්පත් වලින් පිරිපුන් බොහෝ රටවල් අද වන විට ක්‍රියාත්මක කර ඇත.
    මනා කළමනාකරණයක් මගින් සාගර සම්පත් ආරක්ෂා කර ඒ හා බැදී ඇති සම්පත් හරහා නව උත්පාදන බිහි කර ඒ ආශ්‍රිතව නිර්මාණය වන රැකියා උත්පාදනය කරන  ආර්ථික සංවර්ධනය නිල් ආර්ථිකයේ සරල අර්ථයයි.
     
    කුසගින්න හා දුප්පත්කම තුරන් කිරීම, තිරසාර ජීවනෝපාය මාර්ග නිර්මාණය කිරීම මෙන්ම කාලගුණ විපර්යාසයන් අවම කර ගැනීම නිල් ආර්ථිකයේ දායකත්වය තුළින් ලබාගැනීමට බලාපොරොත්තු වන මුලික පරමාර්ථ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
     
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විසින් නිල් ආර්ථිකයක් සදහා වන නිළ ලාංචනය  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා වෙත  පිළිගැන්මෙන් අනතුරුව මේ බව සදහන් කළේය.
     
    තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යතුමා මෙසේද පැවසීය මේ සඳහා ධීවර ක්ෂේත්‍රය තුළින් ලබාදිය හැකි දායකත්වය අතිමහත්ය. ඉන්දියන් සාගරයේ පිහිටා ඇති දුපතක් වන ශ්‍රී ලංකාව නිල් ආර්ථිකයෙහි පල නෙලාගැනීමේ ඉතා වාසනාවන්ත ස්ථානයක පිහිටා ඇත. ඒ අනුව ධීවර සම්පත් නෙලා ගැනීම වැඩි දියුණු කිරීම මෙන්ම සංචාරක කර්මාන්තය සාගර සම්පත හරහා නිපදවිය හැකි පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි ද අප විසින් අවධානය යොමුකළ යුතුව ඇත . 
     
    රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෙදෙන සියලුම ව්‍යාපෘති හැකි උපරිමයෙන් නිල් ආර්ථිකයේ පාදක කර ගනිමින් ඉටු කිරීමට බලාපොරොත්තු වන බව දිලිප් වෙදආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය. 
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya