නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවුරුදු කෑම මේසයට පළතුරු එක්කර ගන්න - වෛද්‍ය පාලිත මහීපාල

    අප්‍රේල් 08, 2016

    දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග පාලනය කිරීමට නම් මෙවර අලුත් අවුරුදු උත්සව සමයේ ආහාර මේසය පළතුරු එක්කර ගැනීම වැදගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    වෛද්‍ය පාලිත මහීපාල මහතා  මේ බව සඳහන් කළේ, අද (08) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.


    අලුත් අවුරුද්දේ ආහාර මේසයට අවධානයට ලක් කිරීම ඉතාම වැදගත්.අවුරුදු උත්සවයේ සම්ප්‍රදායන් සංස්කෘතික අගයන් ආරක්ෂා කර ගන්නා අතරේ සිනි අවම ආහර සකස් කරගැනීම වැදගත් බවද වෛද්‍ය පාලිත මහීපාල මහතා පෙන්වා දුන්නේ ය.

     

    දියවැඩියා රෝගය නිසා වසරකට මිලියන 1.5ක් මිය යන බව කී වෛද්‍ය පාලිත මහීපාල මහතා නාගරික පරිසරයේ සියයට 20%ක දියවැඩියා රෝගයේ මට්ටම පවතින බවත් එළවළු හා පළතුරු පරිබෝජනය අඩුවීම  බෝ නොවන රෝග වැඩිවීමට ප්‍රධාන හේතුව බවත් වෛද්‍ය පාලිත මහීපාල මහතා පෙන්වා දුන්නේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya