නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැලිඔය, “ ඉසුරුපුර ” උදා ගම්මානය ජනතා අයිතියට පත් කෙරේ.

    අප්‍රේල් 08, 2016
    නිවස මුල් කරගත් ඒකාබද්ධ සංවර්ධන ක්‍රියාදාමයක් ගම තුළ නිර්මාණය කිරීම උදා ගම්මාන වැඩපිළිවෙලේ අරමුණ වන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක් විජය සාගර පළන්සුරිය මහතා පවසයි.
    ඒ මහතා මෙම අදහස් පළ කළේ “ සැමට සෙවණ ” ජාතික නිවාස සංවර්ධන වැඩසටහන යටතේ ඉදි කරන ලද ප්‍රථම උදා ගම්මානය වන වැලිඔය, “ ඉසුරුපුර ” නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම පිළිබදව  නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.කේ.කේ අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වු විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිණි.
     
    නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් උදා ගම්මාන වැඩපිළිවෙල යළි ක්‍රියාත්මක වේ. එම වැඩපිළිවෙල යටතේ මේ වන විට දිවයින පුරා උදා ගම්මාන 40ක් ඉදි වී ඇති අතර ඉන් ජනතා අයිතියට පත් කිරීමට නියමිත ප්‍රථම උදාගම්මානය වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු යටිතල පහසුකම් වලින් සමන්විතව ඉදිකරන ලද නිවාස 25 කින් සමන්විත “ ඉසුරුපුර ” උදා ගම්මානයයි. 
     
    යුද්ධයෙන් අවතැන් වු ජනතාව ඉලක්ක කර ගනිමින්  ඉදිවුණ  “ ඉසුරුපුර ” උදා ගම්මානය අප්‍රේල් මස 11 වැනි දින සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත බව ද මෙහිදි ප්‍රකාශයට පත් විය.  
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya